March 29, 2024

ජනපති පුත් දහම් සිරිසේනගේ විවාහ උත්සවය අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී අද දිනයේ පැවැත්වෙයි.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.

මෙම උත්සවය කලින් සැලසුම් කර තිබූ පරිදි නොපවත්වා දෙපාර්ශවයේ ඥාතීන් සහ අත්‍යවශ්‍ය හිතවතුන් කිහිපදෙනෙකුගේ පමණක් සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම්ව සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇත.

ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.

හිල්ටන් හෝටලය හා ආසන්න ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.

Rate this item
(0 votes)