March 29, 2024

ඩෲෆි සුනඛයාගේ ඇත්ත නැත්ත

පසුගියදා ෆේස්බුක් තුළ, "මේ වන විට බෝම්බ 364 සොයාගෙන. ජනාකීර්ණ ප්‍රදේශ වල බෝම්බ 37 සොයාගෙන. ජීවිත 1200 ආසන්න ප්‍රමාණයක් බේරාගත් ඔහු මේ වන විට එක් පාදයක් අහිමි වෙන්නෙ ජොනි බට්ටෙක්ට හසුවීමෙනි. එහි ශබ්දය නිසා කන් ඇසෙන්නේද නැත. එහෙත් ඔහු අදටත් දුරතියා තම ඉවෙන් වෙඩිබෙහෙත් හදුනාගන්නවා. ඔහු නමින් ඩෲෆි සදාදර ඩෘෆි.." 

නමින් ලිපියක් හුවමාරු වුණේ එක්තරා ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකුගේ ඡායාරූප කිහිපයක් ද සමඟිනි. 
නමුත් මෙම පුවත ව්‍යාජ පුවතක් බව ට්විටර් සමාජජාලයේ පළ වු ලිපියක සඳහන් වෙනවා. මෙම ලිපිය පළ කර තිබුණේ "වර්ගපූර්ණිකාව" නැමති ව්‍යාජ හා පැරඬි ලිපි පළ කරනා ෆේස්බුක් පිටුවක් මඟිනි. Dailymail නැමති වෙබ් අඩවියේ පළ වූ ලිපියක ඇති ඡායාරූප මේ ව්‍යාජ ලිපිය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබුණා. මෙම ඡායාරූප පාද අහිමි සුනඛ්‍යයන්ට කෘතිම පාද නිර්මාණය කිරීම ගැන සඳහන් වූ ලිපියක පළ වූ ඒවාය. එම ඡායාරූපවල සිටිනා සුනඛයා මහා බ්‍රිතාන්‍යයේ සවුත්හැම්පටන් හී පාදයක් අහිමි සුනඛයෙකු වන ශැඩෝව් නම් සුනඛයෙකි.
 
Rate this item
(1 Vote)