March 29, 2024

වෛද්‍යවරයෙකු සහ ඉංජිනේරුවරයෙකු වීමේ පුතුන්ගේ සිහිනය පිලිකා මාරයා පරදවා ඉදිරියට

වෛද්‍යවරයෙකු සහ ඉංජිනේරුවරයෙකු වීමේ පුතුන්ගේ සිහිනය පිලිකා මාරයකු විසින් වීනාශ කිරීමේ අවදානමට ලක් වූ පවුලක් ගලේවෙල දේවහුව බුලනවැව ප්‍රදේශයේ ජිවත්වන බව අප ජනමාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග දානපතින්ගේ ආධාරයෙන් පවුලට නව නිවසක් ඉදිකර ගැනීමට හැකිවූ අතර 10 දින මේ පවුලේ පිරිස නව නිවසට පදිංචියට ගියහ..

එච් .එම් .ජයලාල් හේරත් (45) . . අයිරාංගනී (43) යුවල කුඩා කාමරයක කාලයක සිට පදිංචිව සිටියහ .ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් රැසකි. කුලී වැඩක් කරගෙන ජීවත් වූ මෙම යුවළගේ එකම අධිෂ්ඨානය වූයේ සිය පුතණුවන් දෙදෙනා නිසි අධ්‍යාපනයක් ලබාදීම .

ජයලාල් හේරත් මහතා පිළිකාවක් වැලදී ජීවිතයත් මරණයත් අතර සටනක සිටින්නේ පිළිකාව ඔඩුදුව ගොස් හමාරය නිසාය .

ඉජිනේරුවෙකු හා දොස්තර කෙනකු වන්නට ඉගෙන ගන්නා දරුවන් දෙන්නාට නිදහසේ ඉගෙන ගන්නට කාමර දෙකක සිහිනයක් ඔහුට පැවතිනි. මේ අසරණවී සිටින පවුල ගැන දැනුම්දීමත් සමග බොහෝ දෙනකු මුදලින් ඇදුම් පැළදුම් ආහාර පාන වලින් පොත්පත් වලින් හා වචනයකින් පවා උදව් එන්නට විය .

, අතර කොරියාවේ මොක්පෝ -ජින්දෝ ප්‍රදේශයේ මුහුදු ආශිත රැකියා කරන ලංකාවේ පිරිසක් තරුණ ටිකක් මුහුණු පොතේ මිතුරෙකු වූ විදේශීය රටක සේවය කරන අනුරුද්ද ප්‍රනාන්දු මහතා ඇතුළු දානපතින් රැසක් එක්ව නිවසක සිහිනය සැබෑ කර ගැනීමට ,හැකිවිණි .

අප්‍රේල් 10 මේ අය නව නිවසට යන දිනයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අනාගත යුදහමුදා ඉහල නිලධාරින් කණ්ඩායමක් එම නිවසට පැමිණ මේ දරුවන් දෙන්නාට හා දෙමාපියන්ට අවැසි ගෘහ උපකරණ ,වියලි ආහාර ලබාදුන්හ.

මේ දරුවන්ගේ පියා අසාධ්‍ය තත්වයේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට නිවසේ සිහිනය හැබැහින් දැකීමට කැදවාගෙන පැමිණි බවත් නැවත 11 දින රෝහල් ගත කිරීමට නියමිතව ඇත.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

Rate this item
(0 votes)