April 20, 2024

ලාංකිකයන්ට ආදර්ශයක් වුණ ඔස්ට්‍රේලියානුවෝ (PHOTOS)

සංචාරකයන් විසින් ලංකාව පිරිසුදු කරන ඡායාරූප පසුගිය දවස් පුරාවටම සාජජාල මාධ්‍යන්වල මාධ්‍යයන්වල හුවමාරු වෙන්න පටන් ගත්තා.

අපේ රටේ අය රටට කිසිම ආදරයක් නැතිව කුණූ යන යන හැමතැනම දාලා එනකොට අපේ රට ගැන කැක්කුමක් තියෙන විදේශිකයන් අපේ රට පිරිසුදු කරන්න දායක වෙලා තියෙනවා. ඉතින් අපි මේ කියන් යන්නේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරපු ඒ වගේ වැඩක් ගැන.

360ක පමණ පිරිසකගේ දායකත්වයෙන් ඔවුන් ගල්කිස්ස මුහුදු තීරය පිරිසුදු කරලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථිහු, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා නිලධාරීහු, ග්‍රීන් මැප් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජීතයෝ සහ ධීවරයෝ පිරිසකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධීය වෙනුවෙන් පිරිසුදු වෙරළ තීරයෙන් පැවතීම අතිශය වැදගත් බවත් ඒ වගේම ගල්කිස්ස වෙරළ තීරය පිරිසුදු කිරීම සතුටට කරුණක් කියලයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 March 2019 11:20