April 23, 2024

උත්සවයකට ගිය ජනපති බිම වාඩි වී දරුවන් සමග ජන ගී ගයයි

අලුත්ඔය කණිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පාසල් දරු දැරියන් සමග බිම වාඩී වී ජන ගී ගායනයකටද එක්විය.

රටේ ජනාධිපතිවරයා ලෙස දරුවන් සමග බිම වාඩි වී සරල පුද්ගලයෙකු කටයුතු කිරීම ගැන දෙමාපියන් ඇතුළු ජනතාවගේ දැඩි කතාබහට ලක්විය.

"අද දරුවන් විරිදු කිව්වා. මමත් ඇමැති කාලේ විරිදු කිව්වා සමහර අය මට ටෙලිෆෝන් කරලා කිව්වා ඔයාට ඔය ගැලපෙන වැඩක්ද ඔය විරිදු කියන එක කියලා. එහෙම කියන්නේ අපේ සංස්කෘතිය ගැන දන්නේ නැති අය. කවිය, විරිදුව සීපදය ඒවා අපේ සංස්කෘතියේ දේවල්. ජනපති වුණත් අපේ සංස්කෘතියට ගරු කරන්න ඕන." යැයි එම විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා පැවසී ය.

Rate this item
(1 Vote)