April 25, 2024

Ham නැමැති ගගනගාමී චිම්පන්සියා

හම් ඉපදුනේ 1966-57 අතර කාළේ මධ්‍යම අප්‍රිකානු රටක් වෙන කැමරූන් රාජ්‍යයේ. හම් පුංචි කාළේ ම සත්තු අල්ලන අයට අහු වෙනවා‍. ඊට පස්සේ මුහුදෙන් එහා දුර ඈතකට පුංචි හම්ට යන්න වෙනවා. ඒ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ, මියාමි වල Rare Bird Farm වෙතයි. එහි දී හැදී වැඩි කාලය ගත කරමින් ඉන්න කොට මෙයාට විශේෂ අවස්ථාවක් උදා වෙනවා. ඒ ලෝකේ ප්‍රබලතම ගුවන් හමුදාවක් ලෙස සැලකෙන ඇමෙරිකානු ගුවන් හමුදාවට නිලධාරියෙකු ලෙස සම්බන්ධ වෙන්න. ඒ අනුව තමයි 1959 වර්ෂයේ Holloman Air Force Base කඳවුරට එයාව ගෙනි යන්නේ.

හම් එහිදී කරපු දේවල් ගැනයි මේ ලිපිය.

Holloman Air Force Base හී චිම්පන්සි 40 දෙනෙකු පමණ සිටියා. නමුත් එහි පැවැති හේතුන් මත 18 දක්වා අඩු කරත් පසුව නැවතත් 06ක් දක්වා අඩු කරා. ඒ 06 දෙනා අතර හම් ද සිටියා. 1959 වර්ෂයේ ආරම්භයේ දී පමණ හම්ට ගුවන් යානා පුහුණව ලබා දීම ඇරඹුවා. ඒ Holloman ගුවන් කදවුරේ විශේෂ පරික්ෂණගාරයක් වුණු Aero Medical Field හිදී නියුරෝන විද්‍යාඥයෙකු වු Joseph V. Brady විසින් හම් ව යොදාගෙන පරික්ෂණ කිහිපයක් කරා, මේ පරික්ෂණ වුණේ අලෝකයන් හඳුනා ගැනීම හා ශබ්ද හඳුනා ගැනීමයි. මෙහිදි විශේෂ ගුවන් සවාරියක් සඳහා හම් ට තනියම යන්න සිද්ධ වුණා. මේ ගුවන් ගමනේ දී හම් හරියටම වෙලාවට නිල් එළිය දැල් වුණු හැටියේ ම ලිවරය ඇදලා ගුවන් ගමන් සාර්ථකව නිමා කරා. හැබැයි හම් වැරැදි දෙයක් කරා නම් හම්ගේ කුකුල් තියාන් ඉඳපු ස්ථානයෙන් විදුලි සැර වැදෙන විදිහටයි නිර්මාණය කරලා තිබුණේ. හම් හරියට කරපු නිසා ගුවන් යානයේ තිබුණු කෙසෙල් රැඳවුම ඇරිලා කෙසෙල් ගෙඩියක් ලැබුණා කියලා තමයි සඳහන් වෙන්නේ.
මොන තරම් වෙනස් චිම්පන්සියෙක් ද? හම්ට අනිත් චිම්පන්සින්ට වගේ කිසිම දවසක වැරැදි බොත්තම ඔබලා ජිවිතේ නැති කර ගන්න නම් හිතිලා නැහැ. හරියටම අණ පිළිපදින්න හම්ට හැකි වුණා. ඇත්තටම කිව්වොත් හම් කියන්නේ නිකන් පරික්ෂණයකට ගෙනාපු චිම්පන්සියෙක් විතරක් නෙමෙයි කියලා බොහො දෙනා කිව්වේ. හම් ගේ දවස එළඹුනා ඔව් ඒ හම් මේ තරම් කාලයක් පුරුදු කරපු අභ්‍යාවකාශ මෙහෙයුම කරන දිනය පැමිණියා.

ෆ්ලෝරිඩා වල Cape Canaveral හම් වෙනුවෙන් ගුවන් ගමන සඳහා සියල්ල සුදානම් වෙමින් තිබුණා. හරියටම 1961 ජනවාරි 31 වෙනිදා. හම්ව මේ ගුවන් මෙහෙයුම සඳහා තෝර ගත්තේ හම්ගේ තිබුණු විශේෂ හැකියාවන් මතයි. හම්ව අභ්‍යාවකාශ මෙහෙයුම සදහා සුදානම් කරන්නේ එයාගේ පුහුණුවීම් අතරමයි. හම් ට අභ්‍යාවකාශ මෙහෙයුමට යන දිනය එළඹුනා. අභ්‍යාවකාශ යානය ගුවන් ගත වුණා. යානය සාර්ථකව වා තලයෙන් එපිටට ගියා. අභ්‍යාවකාශ සැරියෙන් පස්සේ යානය නැවත පෘථිවියට එන ගමන ඇරඹුණා. සියල්ල තිබුණේ හම්ගේ අතේ. ඉතා සාර්ථක ලෙස හම් විසින් අභ්‍යාවකාශ යානය නැවත පෘථිවිය මතට ගෙන එන්නට සමත් වුණා. හම් සහිත කැප්සියුලය ඇන්ටාටික් සාගරයට පතිත වුණා. එදිනම ගලවා ගැනීමේ යාත්‍රාවක් එය සොයා ගන්න අතර හම් ඒ වෙන විටත් ඉතා හොද සාර්ථක අභ්‍යාවකාශ සැරියකින් පසු නිරෝගීව සිටියා.

හම් අති සාර්ථක ගුවන් ගමනකින් අනතුරුව නිදහස් කරන්නට තීරණය කරනවා. හැබැයි ඒ වනාන්තරයකට නම් නෙමෙයි. හම් ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී නුවර සත්තු වත්තක ඔහුගේ ඉතිරි ජීවිතය ගත කළා. පසුව උතුරු කැරොලිනවාවේ සත්තුවත්තක හම්ගේ නෑදැයන් වුණු කුඩා චිම්පන්සි රැලක් සමග කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා. හම්ගේ නම සැදුනු අාකාරයත් හම්ට ලැබුණු විශාල ගෞරවයක්. ඔහුට නම ලැබුනේ Holloman Aerospace Medical Center යන්නෙහි H A M යන අකුරු තුන භාවිතා කිරීමෙන්. වයස අවුරුදු 17 දී මේ අග්‍රගණයේ අභ්‍යාවකාශ ගගනගාමියා ජිවිතයට සමු දුන්නා, ඒ වර්ෂ 1983 දීය. උපරිම රාජ්‍ය ගෞරවයට මෙම චිම්පන්සි ගුවන් නියමුවාට ලබා දෙන්නත් කටයුතු කර තිබුණා. හම්ගේ අස්ථි කොටස් National Museum of Health and Medicine හී පසුව තැන්පත් කරා. හම්ගේ නමත් බෙල්කා,ලයිකා වැනි අනිත් අභ්‍යාවකාශය ජයගත් සතුන්ගේ නම් අතරට ද එකතු වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 March 2019 11:22