April 20, 2024

රාවණා පරපුරේ දරු පැටවුන්ගේ අධ්‍යාපන සිහිනය (PHOTOS)

1955 වසරේ සිට පවත්වාගෙන යන මාතලේ දිස්ත්‍රික් විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ඉගැන්වීම් කරන ගුරුවරුන් ද දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව සිටිති.

ඉතා දුෂ්කර ‍ප්‍රරදේශයක පිහිටි නාරංගමුව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් 34 දෙනෙකු අධ්‍යාපනය ලබති.  කාන්තාවන් දාහතර දෙනෙකු පිරිමි  විස්සක් ලෙස සටහන්ව තිබේ. විදුහල්පතිවරයාද සමඟ ගුරුවරු පස් දෙනකු මෙහි සේවය කරති.

1955 වසරේ ඉදිකරන ලද එකම ගොඩනැගිල්ල එදා සිට මේ දක්වාම අධ්‍යාපනය ලබන ග්‍රාමීය දරුවන්ට සෙවන ලබාදෙන බව දෙමාපියෝ පවසති. අවස්ථා කිහිපයකදීම දෙමව්පියන් විසින් මෙම ගොඩනැගිල්ල පිළිසකර කරමින් හුණු  පින්තාරු කරමින් එහි කැඩීබිඳී ගිය ස්ථාන වසා ගෙන සිටින බව කියති.

පුස්තකාල ගොඩනැගිල්ලක් නොමැති බවත් පුස්තකාලය එම ස්ථානය ම   අල්මාරියක පවත්වාගෙන යනු ලබයි. අලුතෙන් ඉදි කෙරෙන කළුගග ජලාශය පෙනෙන මානේ පිහිටි මෙම පාසැලේ පන්ති කාමර පවත්වාගෙන යෑම සඳහා  ප්‍රරමාණවත් ඉඩ කඩ නොමැති වීම ගුරු නේවාසිකාගාර දැනටමත් කැඩී අබලන් තත්ත්වයේ පැවතීම එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

හේන් ගොවිතැනත් කරගෙන ජීවත් වූ නාරංගමුව  ගොවි  පවුල්වල දුවා දරුවන් මෙම පාසැලේ අධ්‍යාපනය ලබති.

වෙනත් පාසල්වල මෙන් දෙමව්පියන්ට පාසැල නඩත්තු කරගෙන යෑම සඳහා   මුල්‍ය පහසුකම් නොමැති වීම පාසල සංවර්ධනය කරගැනීමට නොහැකි තවත් බාධාවක් බව ගුරුවරු කියති.

මෙම පාසලේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් සපත්තු දෙකක් හෝ නොමැතිව පාසල් පැමිණෙන අයද සිටිති. කිලෝමීටර් දෙකහමාරක් තුනක පමණ දුරකින් පාගමනින් පාසලට පැමිණෙන කුඩා දරු දැරියෝ ද වෙති. මෙම දරුවන්ගේ එකම ඉල්ලීම වූයේ තමන්ට අලංකාර වූ පාසැලක ඉගෙනීම ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසය.

එහෙත් දෙමාපියන් කියා සිටින්නේ 1955 සිට මේ දක්වාම  පාසලට පැමිණි සෑම දරුවෙකුගේම සිහිනය එය වූ බවයි. එහෙත් එම සිහිනය ඉටු කරදීමට එදා සිට මේ දක්වාම වූ රට පාලනය කළ අධ්‍යාපන බලධාරීන්ට නොහැකි වූ බව දෙමාපියෝ පවසති.

මෙම පාසල්වල අඩුපාඩු පිළිබඳව ගැන මාධ්‍යයකින් හෝ හෙළිකිරීමට එහි විදුහල්පතිවරුන් ගුරුවරුන් දැඩි බියක් දක්වති. එමෙන්ම දෙමවුපියෝ ද දැඩි බියක් දක්වන බව කියති. බියවන්නේ  වන්නේ මෙම දුෂ්කරතා සහිත පාසලක් පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් වුවහොත් අධ්‍යාපන බලධාරීන් සිදු කරනු ලබන්නේ එම පාසල අළුත්වැඩියා කරනවා වෙනුවට විදුහල්පතිවරයා හෝ එහි සිටින ගුරු මණ්ඩලයට දොස් පරොස් නඟමින් ඔවුන් එම විද්‍යාලයෙන් ඉවත් කිරීම බව දෙමාපියෝ පවසති. එසේ වූ විට දැනට සේවය කරන විශාල කැප කිරීමක් කරන ගුරුවරු කිහිප දෙනා ද අහිමි වේ යැයි ඔවුන් දැඩි බියක් පවතී.

රේඛීය අමාත්‍යාංශයෙන් මෙවැනි පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබා නොදී එය පළාත් සභා පාසලක්  කියා  වෙන් කොට තබන අතර  පළාත් සභාවලින් මෙවැනි පාසල් දියුණු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් දියත් කොට නොමැත.නාරංගමුව ප්‍රාරාථමික විදුහල සඳහා අක්කර හයක විශාල ඉඩමක් ද පවතී .මුළු ප්‍රදේශයම කැලෑවට යටව  පාසල ද ඉතා පාළු ප්‍රදේශයක පිහිටා තිබේ.

අධ්‍යාපන බලධාරීන් මෙම අහිංසක දරුවන්ගේ සිහිනය සැබෑ කර දීමට ඉදිරිපත් වීමට මැලිකමක් දක්වන්නේ නම් අසරණ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දානපතීන්ගේ හෝ අවධානය යොමු කොට මෙම කඩා වැටීමට ආසන්න අබලන් වූ ගොඩනැගිල්ල වෙනුවට ගොඩනැගිල්ලක් පාසලේ පුස්තකාල ගොඩනැගිල්ලක් කාර්යාල ගොඩනැගිල්ලක්  දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකිනම් එය මේ රටේ භාර ගැනීමට සිටින ඉන්න දරුවන්ට විශාල උපකාරයක් වනු ඇත.

මෙම නාරංගමුව ප්‍රාථමික විදුහල ලග්ගල පල්ලේගම ලකේගල නම් වූ ඓතිහාසික ගල පාමුල පිහිටි පිහිටා තිබේ.

රාවණා පරපුරේ සිට පැවත එන ගම්මානයක් ලෙසත් ලකේගල නාරංගමුව ජනප්‍රවාදයේ සඳහන් ව තිබේ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)