April 25, 2024

විල්පත්තුව යළි කරළියට - සමාජ ජාල උණුසුම් වෙයි (PHOTOS)

පසුගිය කාලය පුරාම විටෙන් විට කරළියට පැමිණි "විල්පත්තු වන විනාශ" මාතෘකාව නැවතත් ෆේස්බුක් එකේ උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා.

බොහෝ දෙනා මේ දිනවල විලපත්තු වන විනාශයට එරෙහිව තමන්ගේ ෆේස්බුක් ගිනුමේ සටහන් තබන්නටත් පටන් අරන්.

විල්පත්තුව සමඟ සිංහරාජ වනාන්තරයේ ද සිදුවන වන විනාශයත් කරළියට පැමිණ තිබෙනවා. තවත් අය තමන්ගේ ප්‍රොෆයිල් පික් එකේ ෆේරේම් එකට "විල්පත්තුව සහ සිංහරාජය බේරා ගනිමු" යැයි ද දමාගෙන තිබෙනවා.

මේ අතර දසලක්ෂයක පිරිසකගේ එකතුවකින් බලවේගයක් නිර්මාණය කර විල්පත්තුව සහ සිංහරාජ වනාන්තර විනාශයට එරෙහිව සටන් කිරීමට ද සුදානමක් පවතිනවා. ඉතින් මේ දින කිහිපයේ ෆේස්බුක් හී පළ වුණු විවිධ සටහන් කිහිපයක් තමයි මේ තියෙන්නේ.

Rate this item
(1 Vote)