April 25, 2024

සුඛෝපභෝගී ප්‍රධාන පෙළේ රෝහලක පුටුවල මකුණන් (PHOTOS)

නාරාහේන්පිට ‘ලංකා හොස්පිට්ල්’ රෝහලේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට වාඩිවීමට ලබාදී තිබූ පුටුවල මකුණන් බෝවී ඇති බවට ලද තොරතුරක් මත කොළඹ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් කරන ලද හදිසි පරීක්ෂාවකින් පසු, එම මකුණන් බෝවී තිබූ පුටු කිහිපයක් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම රෝහලේ පාලනාධිකාරියට තදින් අවවාද කොට යළිත් වරක් මෙවැනි තත්වයක් ඇති වුවහොත් නීතිමය පියවර ගන්නා බව දැනුම් දුන් බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කර සිටියේ.

මෙම පරීක්ෂණයෙන් පසු බාහිර රෝගී අංශයට වෙනත් පුටු ලබාදීමටත් මකුණන් සිටි පුටු වලට රසායනික ඉස එම පුටු ඉවත් කිරීමටත් පියවර ගත් බව ඔහු සඳහන් කර සිටියා.

මෙම පරික්ෂාවට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ නැගෙනහිර කොළඹ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී ඉශානි ආරියචන්ද්‍ර ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 March 2019 11:02