April 18, 2024

ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි

කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ  මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ අද (08) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි .

මේ සදහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම , සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර , අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවන් වූ අතර , එහි සිටි සමස්ථ කාර්යය මණ්ඩලය 08 ක් විය .

මොවුන් අද අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර , මෙම ගුවන් යානය තුළ පිරිමි මගීන් කීප දෙනෙකු පමණක් සිටියහ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරති .

(කටුනායක ටී.කේ.ජී.කපිල ) 

Rate this item
(0 votes)