April 16, 2024

නුවර කට්ටිය එකතු වෙලා කරපු සුපිරි වැඩේ මෙන්න (PHOTOS)

මහනුවර නගරයේ තාප්පවල අලවා ඇති පෝස්ටර් සියල්ල ඉවත් කර පිරිසිදු කිරීමට මහනුවර නගර සභාව විසින් පසුගිය (20) වනදා කටයුතු කර තිබෙනවා.

මේ සඳහා මහනුවර පොලිස් නිළධාරීන්, මහනුවර නගර සභාවේ නිළධාරීන් සහ ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් රැසක් ද සහභාගී වී සිටියා.

“නුවරත් හෝදලා ගමුද?” යන තේමාව යටතේ ආරම්භ වූ මෙම අපූරු ක්‍රියාවේ ආරම්භය සිදුවූයේ මහනුවර දුම්රිය ස්ථානයෙන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මින්පසු දැන්වීම් අලවන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යයන්වලද කතාබහට ලක්ව තිබෙන අතර බොහෝ දෙනෙක් පවසා සිටින්නේ, මහනුවර වගේම තමන්ගේ ප්‍රදේශවලත් ඉතාමත් ඉක්මනින් මෙය සිදුකළ යුතු බවයි.

Image may contain: one or more people and outdoor

Image may contain: outdoor




Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 January 2019 13:24