April 26, 2024

“ගින්නෙන් උපන් සීතල“ ( The Frozen Fire) ජනවාරි 18 සිට රිදීතිරය වර්ණවත් කරයි

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‍ෂණය කළ ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) චිත‍්‍රපටය  2019 ජනවාරි 18 සිට CEL මණ්ඩලයේ සිනමාශාලා ඇතළු තවත් සිනමාශාලා රැසක තිරගතවීමට නියමිතය.

විප්ලවීය සටන් කාමියෙක වන රෝහණ විජේවිීර සහෝදරයාගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා ඇසුරින් ධම්මගේ විසින් තිර රචනා කොට අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්‍ෂණ කර ඇති ගින්නෙන් උපන් සීතල (The Frozen Fire) මෙරට සමස්ථ සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක් වනු නිසැකය.

ලාංකේය සිනමාවේ දේශපාලන නායකයෙකු විප්ලවීය සටන් නායකයෙකුගේ ජීවිතය අරඹයා නිර්මාණය කරන ලද පළමු සිනමා නිර්මාණය මෙයය.

එමෙන්ම මෙරට සිනමා ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ විශිෂ්ටතම සිනමාපටය තරඟ අංශය නියෝජනය කිරීමට ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටය ට හැකිවිය.

කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතයට පණ පොවන අතර රෝහණ විජේවීරගේ බිරිඳගේ චරිතය සුලෝචනා වීරසිංහ නිරූපණය කරයි.

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටයේ සෙසු චරිත නිරූපණයෙන් දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වෙයි,

ගින්නෙන් උපන් සීතල(The Frozen Fire) සිනමාපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්, කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, විධායක නිෂ්පාදනයෙන් චන්දන සමරකෝන්, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල , නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද එක්වන මෙය සිනෙප්‍රෝ සමාගමේ නිර්මාණ කාර්යයක් වන අතර චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 January 2019 19:57