December 12, 2018

ජීවිතය බේරා ගැනීමට දැරූ අපුරු උත්සාහය (PHOTOS)

කාසල්රි ජලාශ රක්ෂිතයේ වෙසෙන වලි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා.

කාසල්රි ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කරන නිසා වලි කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වි රක්ෂිත තුලට දිව යන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටින්නේ.

කාසල්රි ජලාශය හරහා මිට ප්‍රථම වැලි මුවෙකු පිනන  දර්ශනයක්ද අප කැමරා කාචයේ සහටන් වි තිබුණි.

(හැටන් රංජිත් රාජපක්ෂ)                       

Rate this item
(0 votes)
Last modified on Monday, 03 December 2018 12:53