November 17, 2018

මුතුහෙට්ටිගම භාරයක් ඔප්පු කරයි

ජනාධිපතිතුමාට හා අභිනව අගමැති තුමාට සෙත් පතා මරණයට කැපවූ කිරි ගවයෙකු නිදහස් කිරිම වරාය සහ නාවුක කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් සිදුකරණු ලැබිය.

පසුගිය දිනවල පැවතී දේශපාලන අවුල්වියවුල් තත්වය පරදවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීම සම්බන්ධව සිදුවූ භාරයක් ඔප්පු කිරීම වෙනුවෙන් මුතුහෙට්ටිගම මහතා විසින්  මෙම පුන්‍යකර්මය සිදුකරණු ලැබිය.

මෙම ගවයා රැක බලා ගැනීමට ප්‍රදේශයේ කිරි ගොවියෙකුට භාරදෙනු ලැබිය. හිටපු නාගරික මන්ත්‍රී දුමිඳු කාරියවසම්, ව්‍යාපාරික තරංග කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාර්යමණ්ඩලය සහ දේශපාලන ආධාර කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)