March 28, 2024

ශ්‍රීලංකාව ගැන ආඩම්බරයෙන් කතාකර හඩා වැටෙන බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ නගරාධිපතිනිය

ශ්‍රී ලංකාව තමන් මියයනතුරු ආදරෙන්  වැළඳ ගන්නා බවත් තමන්ගේ ජීවිතයට වඩා ශ්‍රී ලංකාවට ආදරය කරන බව බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ  ප්‍රාන්තයේ නගරාධිපතිනිය වූ කයිරු කරිමා  මරික්කාර් මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.

උතුරු ලන්ඩනයේ හැරෝ  ප්‍රාන්තයේ නගරාධිපතිනිය   පගියදා ඇයගේ මිතුරකු වූයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීම සඳහා මෙරටට පැමිණ සිටි අවස්ථාවේ දී දඹුල්ල ප්‍රදේශයේ දී මේ බව පැවසුවාය.

තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලේ මස් නහර  ජිවිතය ඕනෑම දෙයක් පූජා කිරීමට පවා සූදානම් බවත් ශ්‍රී ලංකාව කිසිදු ආකාරයකින් බෙදීමට තමන් විරුද්ධ බව කියා සිටියාය.

 ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් ශ්‍රී ලංකාවේ ඉගෙනගත්   මුස්ලිම් ජාතික කාන්තාවක් බවත් ඇය තම මව් රටට  මවට  පියාට  මෙන් ආදරය කරන බවද තම මවගේ පියාගේ දේහයන් ශ්‍රී ලංකා භූමියේ භුමදාන කරන ඇති නිසා තමන් තවදුරටත් මේ රටට ආදරය කරන බව ඇය හඬා වැටෙමින් කීවාය.

තමන් බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ  ප්‍රාන්තයේ නගරාධිපතිනිය ලෙසත්  මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලයේත්  සුවිශාල වූ කාර්යයක් ඉටු කරමින් සිටින බවත් කීවාය. තමන් තම  ප්‍රදේශයේ සේවය කරනු ලබන්නේ කුඩා යතුරුපැදියකින් ගමන් කරමින් කසල එකතු කරන ටැක්ටරේ නැග රාජකාරි පවා සිදු කරන බව ඇය ආඩම්බරයෙන් කීවාය.

ශ්‍රී ලංකාවේ දේශපාලනයට තමන් දැඩි බියක් දක්වන බව ද කෙසේවෙතත් පෙරදා රට ඉතා හොඳට පාලනය කළ බණ්ඩාරනායක පවුලේ බලය ගිලිහී යාම පිළිබඳව ඇය සිය කනස්සල්ල පළ කළා ය. බණ්ඩාරනායක පවුලේ පිරිස එකල තම දෙමාපියන් සමග සමීපව කටයුතු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ හැරෝ ප්‍රාන්තයේ නගරාධිපතිනිය ලෙස දැනට කටයුතු කරනු ලබන   මරික්කාර් මහත්මිය හනුවර උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ අයෙකි.

තමන් හට  ලක් රජයෙන්  යම්කිසි බලයක් පවරන්නේ නම් රට වෙනුවෙන් රටේ බෙදීම නැවතීම වෙනුවෙන් ලෝකයේ ඕනෑම තැනකට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් වන බවත් ඇයට ලංකාව ගැන කතා කිරීමේදී දෑස් වලට කඳුළු එන බව ඇය පැවසුවාය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(1 Vote)