April 20, 2024

නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ ඔක්තෝබර් 26

නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ ඔක්තෝබර් 26 වනදා සවස 7.00ට නුගේගොඩ විජේරාම රෝයල් තැප්‍රොබේනියන් රංග අවකාශයේදී පැවැත්වේ. ප‍්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි. 

නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප‍්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි. 

නර්තන රචනයෙන් සුසන්ත ප‍්‍රදීප් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි.

අංග රචනය පේ‍්‍රම් ජයන්ත කපුගේ විසිනි. 

‘තෙත්භූමි’ මයි වොයිස් තියටර් ඉදිරිපත් කරයි. 

Rate this item
(0 votes)