March 29, 2024

අධ්‍යාපන ඇමතිතුමා යතුරුපැදියකින් මැතිසබයට

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න 03 ට පිළිතුරැ දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවද රාජගිරය අසළ පැයකට වැඩි කාලයක් රැදීසිටීමට සිදුවූ බවද අමාත්‍යවරයා කීවේය.

ඒ හේතුවෙන් වාහනයෙන් බැස යතුරැපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණිය බවද අමාත්‍යවරයා කීවේය.

“මට අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න 03 ට උත්තර දෙන්න තිබුණා.  මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා. පැයක් රාජගිරියේ. ඊට පස්සේ මෝටර්සයිකලයක් නවත්වාගෙන ඒකේ නැගලා අවේ වැස්සේ තෙමි තෙමි. පාර්ලිමේන්තු දවස්වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා”

Rate this item
(1 Vote)