April 20, 2024

අනුන්ගේ උදව්වට ගොස් සදහටම ආබාධිත වු පියෙකුගේ සංවේදී කතාව (PHOTOS)

අනුන්ගේ උදව්වට ගසක නැගඅත්තක් කැපීමට ගිය දෙදරු පියෙකු ගසෙන් ඇද වැටී වසර පහක් තිස්සේ සුසුම්නාව බිඳී එකතැනට  වී සිටින බවත් මේ වන විට දියණියන් දෙදෙනා සහ මව පියා බිරිද උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පා සිටින බව සුසුම්නාව බිඳී එකතැන් ව සිටින පියා  කියයි.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තෙහේන බේලියකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින ඩබ්ලිව්. ඒ. සරත් කුමාර මහතා මෙසේ සුසුම්නාව බිඳී රෝද පුටුවකට වී වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබේ.

පාසල් යන වයසේ දියණියන් දෙදෙනෙකු සිටින ඩබ්ලිව්. ඒ. සරත් කුමාර මහතා සිය මෑණියන් අසනීප තත්වයේ පසුවන අතර පියා දරුණු  ලෙස වකුගඩු රෝගය වැලඳී සිටිති ,  මේ පව්ලේ  එකම ජීවකයා බවට පත්ව සිටි සරත් කුමාර බව කියති . 

ගමේ ඉතා දිළිඳු භාවයෙන් ජීවත් වූ මොහු කාට හෝ උදව් උපකාර කරමින් සිටි බව ගම්වාසීහු පවසති. මීට වසර පහකට පමණ ඉහත දී තම  ගම්මානෙම අයෙකුගේ නිවසක් ඉදිරිපිට තිබුණු අනතුරුදායක ගසක අත්තක් ඉවත් කිරීමට සරත් කුමාර මහතාට ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව ඔහු එම අසල්වැසියාට උපකාරය කිරීමට ගසට නැඟ සිටියදී එකවරම ගසක අත්තක් කඩාගෙන නිවස ඉදිරිපිට ඇති තාප්පයක් මතට වැටී තිබේ.

එදා සිට මේ වන තුරුත් සරත් කුමාර මහතාට ඇවිද ගැනීමට නොහැකිව  රෝද පුටුවක ආධාරයෙන් මුත්‍රා බට යොදා ජීවත් වෙයි. ඔහුගේ පිටුපස කොටසේ සුව නොවන දරුණු තුවාලයකි .

 එහෙත් එදා සිට අසල්වැසි ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ආහාරපාන සොයාගෙන ජීවත් වූ සරත් කුමාර මහතාට කුඩා පැල වෙනුවට නොතෙමි ඉන්න ගෙයක් තනා දීමට ගලේවෙල සමෘධි බැංකු ආයතනය  ප්‍රරදේශවාසීහු ඒකරාශී වී උදව් කොට තිබේ.

එහෙත් මේ වන විට සරත් කුමාර මහතාගේ දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකිව සිටින බව  බිරිඳ වූ සේපාලිකා රාජපක්ෂ මහත්මිය කියන්නීය .

දිනකට එක වේලක් සරි කර ගන්නේ  අපහසුතා මධ්‍යයේ   මෙම බිරිද වන සේපාලිකා රාජපක්ෂ සහ කුඩා දියණියන් දෙදෙනා එක්ව පොල් අතු ඉරටු සුද්ද කර සොයා ගන්නා ඉතා සොච්චම් මුදල  නිසාය .

සරත් කුමාර මෙන්ම දරුවන් දෙදෙනා ද නිසා  බිරිඳට අඩුම තරමේ කුලී වැඩකට වත් යෑමට අවස්ථාවක් නොලැබෙන බව ඇය පවසන්නීය. සැමියාගේ සියලු කටයුතු සිදුකළ යුත්තේ ද ඇය විසිනි. මහලු ව දැඩි අසාධ්‍යව සිටින  දෙමව්පියන්ට ද  සරත්ට උවැටන්  කිරීමට නොහැකිය.

ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව තිබෙන්නේ අඩුම තරමේ දරුවන්ට දිනකට දෙවේලක් ආහාර ලබාදීමට මෙන්ම දැනට   අඩක්ම ඉදිකොට ඇති වැසිකිළි පද්ධතිය සූදානම් කර ගැනීම පමණක් බව ඔවුහු පවසති.

සතියට වරක් සරත් කුමාර මහතා ගේ මුත්‍රා බට ඉවත් කිරීම සඳහා ගලේවෙල රෝහලට යායුතු බව පවසති.    ත්‍රීරෝද රථයක   හරි  ගමන් කළයුතු බවත් ඇතැම් දිනවල ත්‍රිරෝද රථයට ලබාදීමට මුදල් නැති විට දැඩි අසරණ තාවයකට පත් වන බව ඔවුහු හඬා වැටෙමින් පවසති. සුසුම්නාව බිඳී එක්තැන්ව සිටින මෙම අසරණ පවුලට එක වේලකින් හෝ ආහාර ටිකක් ලබා දීමට හැකි නම් එය උතුම් ක්‍රියාවකි.

ඔවුන් සම්බන්ධ කර ගැනීමට

දුරකථන අංකය 070 58 72 654

ලිපිනය  ඩබ්ලිව්. ඒ. සරත් කුමාර වත්තේහේන, බේලියකන්ද, ගලේවෙල,

කිසියම් ආධාර මුදලක් ලබා දෙන්නේ නම් ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඩබ්ලිව්. ඒ. සරත් කුමාර කේ .පී.  සේපාලිකා රාජපක්ෂ යන දෙදෙනාගේ ඒකාබද්ධ ගිණුම වන   74 93 90 86 අංකයට බැර කල හැකිය.

Rate this item
(0 votes)