April 20, 2024

ස්වභාවධර්මය රැකගන්න පේදුරුතුඩුවේ සිට දෙව්න්දරතුඩුවට පාපැදියකින් යන තරුණයා (VIDEO)

දිනෙන් දින දූෂණය වන ස්වභාව ධර්මය ආරක්ෂා කල යුතු බවටත් පරිසරයට ආදරය කල යතු කාල වකවානුවක් එලඹ ඇති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමුවීම උදෙසා තරුණයෙක් යාපනය පේදුරුතුඩුවේ සිට දෙව්න්දරුතුඩුව දක්වා පාපැදියකින් ගමන් ඇරඹූ තරුණයා අද (02) අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ගමන් අරඹා ඇත.

ඊයේ දින උතුරුපලාත අවසන් කරමින් වව්නියාවේ සිට අනුරාධ පුරය දක්වා ගමන් කල අතර අද අළුයම නැවතත් එම තරුණයාගේ පාපැදි ගමන අරඹා ඇත.

27 හැවිරිදි නාලක සේනාධීර නැමති තරුණයා පාපැදි ගමන පිළිබඳව කියා සිටින්නේ

‘තමන්ගේ ගම්මානය වන සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ දැදිගම ගම ප්‍රදේශයේදී මේ වන විට විශාල කුණු කන්දක්දක් ඇති හෙයින් එමගින්ද දැඩි පරිසර දූෂණයක් සිදුවන හෙයින් එයද සැලකිල්ලට භාජනය කරමින් සමස්ථ ශ්‍රීලංකාවේම සිදුවන කැලෑ එලි කිරීම් මුහුදු වෙරල අපවිත්‍ර කිරීම්,ඓතිහාසික සිද්දස්ථාන විනාශ කිරීම් වැනි ස්වභාව ධර්මයට හානි වන සියලු ක්‍රියව්ගේන් වැලකී එය ආරක්ෂා කරගත යුතු වැඩි පිළිවලක් කෙරෙහි සමස්ථ ජනතාවගේම අවධානය යොමු කරවීමට මෙම පාපැදි ගමන ආරම්භ කල බවටයි.

එමෙන්ම තමන්ගේ ගමන් වාරය අවසන් වන දිනය නිශ්චිතවම කිව නොහැකි බැවින් දිනකට හැකි උපරිම දුරක් සෑම දිසනකම උදෑසන ආරම්භ කොට සවස අවසන් කරන අතර සවස් කාලයේදී හමුවන ස්ථානයක පන්සලක,පල්ලියක හෝ කොවිලක වේවා  ඉතා සරලව රාත්‍රිය ගතකිරීමට පැදුරක්ද තමන් රැගෙන යන බවටද යාපනයේ සිට ඒ-9 මාර්ගය ඔස්සේ කිලිනොච්චිය ,වව්නියාව , මැදවච්චිය, අනුරාධපුරය මන්සන්ධියට පැමිණි මිහින්තලය, කැකිරාව හරහා දඹුල්ලටත් පසුව නුවරටත් අනතුරුව කොළඹට ගමන් කොට ගාල්ල මාතර දෙව්න්දරතුඩුව දක්වා ගමන් කිරීමට අදහස් කරන බවටද නාලක සේනාධීර තරුණයා වැඩි දුරටත් කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)