April 25, 2024

සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු සුනඛ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට (VIDEO)

සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි හදුන් දිවියෙකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කැම හේතුවෙන් හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ අද (02) උදැසන 9 ට පමණ ගසක් මත රැදි සිට ඇති හදුන් දිවියා වතු කම්කරුවන් සමග තේ වතු යායට ගිය සුනඛයෙකුට  පහරදි ගොදුරක් වශයෙන්  අල්ලා ගත් අවස්තාවේ  ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හදුන් දිවියාව සපා කැ   බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

සුනඛයන්ගේ සපා කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු හදුන් දිවියා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර හදුන් දිවියා පහර දිමෙන් සුනඛයෙකද බරපතල ලෙස තුවාල සිදු වි ඇත.

මිය ගිය හදුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 October 2018 14:09