April 25, 2024

දහම් පාසල් සිසුන්ගේ ආදර්ශවත් ක්‍රියාව

September 25, 2018

වවුනියාව මඩුකන්ද වැවේ ජීවිතයත් මරණයත් අතර දගලමින් සිටි මාලු පැටව් පන්දහසක් පමණ මඩුකන්ද ශ්‍රී ධම්මරතන දහම් පාසලේ ළමයින් පිරිසක් විසින් බේරාගෙන  අසල වූ ළිදකට දැමීමත් සමගම ඇතිවූ ප්‍රවණතාවය මත ඊට යාබද ගම්මාන වල වැඩිහිටියෝද වතුර නැතිව දගලමින් සිටින මාලූ බේරා ගැනීමට පටන් ගෙන තිබේ.

මීට පෙර කාල වලදී ගම්මාන වල වැඩිහිටියෝ වැව් වල වතුර ගිගවන විටම වැව් මැද පිහිටි වළවල් ඉස දගලමින් සිටින මාලුන් අල්ලාගෙන නිවෙස් වලට රැගෙන ගොස් අනුභව කළහ.එසේත් නොමැතිනම් ගොඩවල් ගසා ගොඩකට මිල නියම කොට එම මාලු අලෙවි කළහ.

නමුත් මෙවර වැඩිහිටියෝ එක්ව වැව් වල වතුර නැතිව දගලමින් සිටින මාලු  පැටව් බේරාගෙන ළිං වලට දමන අයුරු දැක ගත හැකි විය.

දහම් පාසලේ ළමයින් පිරිසක් වීස්න් දෙන ලද ආදර්ශය  මෙවර වැඩිහිටියන් කරාද සම්ප්‍රේෂණය වී තිබීම පළාතේ වැසියෝ අගය කිරීමකට ලක් කොට ඇත.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)