April 19, 2024

අනතුරෙන් දිවිගලවාගත් එකම ධිවර කාර්මිකයා කියන කථාව

September 13, 2018

බෝට්ටුව නැවේ හැපුණු ගමන් මා විසිවෙලා මුහුදට වැටුනා  රාත්‍රි 12.00 සිට උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලි සිටියා යැයි මලිදුපුතා නැමති  බහුදින යාත්‍රාව  නෞකාවක හැපිමෙන් වු අනතුරෙන් දිවි බේරාගත් එකම ධිවර කාර්මිකයා වන එරන්ද පුෂ්පකුමාර (26)  මෙකි බිහිසුනු අනතුර ගැන අප සමග එසේ කිවේය.

 මලිදුපුතා නැමති බහුදින යාත්‍රාව බේරුවල ධිවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්ව තිබේ .මසුන් ඇල්ලිම  සදහා බහුදින ධිවර යාත්‍රා වේ හත් දෙනෙකු ගමන් කොට ඇත. මහ මුහුදේදි වු මෙම අනතුරෙන් හය දෙනෙකුම මිය ගොස් ඇති අතර ඉන් ධිවර කාර්මිකයින් සිව් දෙනකුගේ මළ සිරුරු ඊයේ (12) රාත්‍රි නාවික හමුදාව මගින්  ගාලු වරායවෙත රැගෙන එනු ලැබිය. ධිවර කාර්මිකයින් දෙදෙනෙකු අතුරුදහන් වි ඇත. දිවි බෙරාගත් එරන්ද පුෂ්පකුමාර බිහිසුණු සිද්ධිය විස්තර කරමින් මේසේද කිවේය.

 ඊයේ (11) සවය හයට විතර බේරුවල ධිවර වරායෙන් අපි පිටත්වුනා. බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර්මකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා. අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රි 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන්ගියේ මම.රාත්‍රි 12.00ට විතර බෝට්ටුවේ විල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න   නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරළුනා. මම මුහුදට විසිවුනා.පසුව මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලි සිටියා. නැව ළගටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනික් පැත්ත ගැසුවා. මා රාත්‍රි  දොළහ එකේ විතර ඉදලා උදේ දහය වෙනකම් බෝට්ටුවේ එල්ලි හිටියා. පසුව මේ ගැන වෙනත් නෞකාවකින් දැනුම් දිලා තිබුනා.

 පසුව නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මා බේරාගත්තා.  බෝට්ටුව නැවේ හැප්පෙන්න පැයකට විතර කලින් තමයි මම බෝට්ටුවේ විල් එක කල්හාර අයියාට දුන්නේ  යැයි එරන්ද පුෂ්පකුමාර කිවේය.

 මියගිය ධිවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු පිළිබදපශ්චාත් මරණපරික්ෂණය අද (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ පවැත්විමට නියමිතව තිබුණි. ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජිඑන් කරණාතිලක මහතාගේ නියෝගයකට අනුව මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇත. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

 

 (ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)