March 28, 2024

අමානුෂික ලෙස දිවියෙක් ඝාතනය කර බෙල්ලත් කපාගෙන ගිහින් (PHOTOS)

September 10, 2018

ඝාතනය කර තිබු දිවියෙකුගේ සිරුරක් තේ වතුයායේ රක්ෂිතයක තිබි හමුවු බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

ගම්පොල පොලිස් වසමට අයත් කුරුදුවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුවත්ත තේ වතුයායේ රක්ෂිතයක දිවියෙකුගේ සිරුරක් ඇති බවට කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් එම සිරුර සොයාගෙන ඒ සම්බන්ධයෙන් නුවරඑලිය වනජිවි කාර්යයාලයට පෙරේදා (08) දැනුම් දි තිබේ .

අඩි 6 පමණ දිගකින් යුත් මෙම දිවියා ඝාතනය කර දිවියාගේ හිස දඩයම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බව වනජිවි නිලධාරින් කියා සිටියේය.

අවුරුදු 25-30 අතර වයකින් යුත් මෙම දැවැන්ත දිවියා හක්කපටස් යොදා ගනිමින් හෝ වස මිශ්‍ර ආහාර ලබාදි ඝාතනය කර ඇති බවට වනජිවි නිලධාරින් සැක කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා උඩවල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)