April 25, 2024

මධු සමයට ගිය මංගල යුවල රෝහලෙන් නතර වෙයි (PHOTOS)

September 06, 2018

බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ මැදගම ප්‍රදේශයේ දී මංගල යුවලක් ගමන් කළ රථයක් අනතුරට ලක් වීමෙන් මනාල යුවල ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදීගොස් ගේට්ටු කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

නව යුවල කිදෙල්පිටිය ප්‍රදේශයේ ඇති ළැඟුම් හලක් වෙත රැගෙන යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවු වහාම ප්‍රදේවාසීන් පැමිණ තුවාලකරුවන් බන්ඩාරගම දිසා රෝහල වෙත යොමු කිරීමෙන් පසු මනාලිය ජාතික රෝහලවෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 September 2018 16:42