April 24, 2024

මංගල උත්සවයට අරලියගහ මන්දිරය වෙන් කර දෙන්න - දුරකථන ඇමතුමෙන් ඇමැති අමාරුවේ (VIDEO)

හිරු රූපවාහිනියේ බලය දේශපාලන විවාදයේදී මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් දුරකතනයෙන් අසන ලද ප‍්‍රශ්නයක් නිසා ඊට ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වූ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා දැඩි අපහසුතාවයකට ලක් විය.

මහනුවර මොහොමඞ් ගනී නම් එම පුද්ගලයා විමසා සිටියේ තම දියණියගේ මංගල උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීම සදහා එය වෙන් කර ගත හැකි ආකාරය කෙසේදැයි කියාය.

චතුර සේනාරත්න මහතාගේ විවාහය ලස්සනට තිබුණාදැයි විමසූ ඔහු තම දියණියද එහි උත්සවය ගැනීමට ඉතා ආසාවෙන් සිටින බවද පැවසීය.

එයට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ අරලිය ගහ මන්දිරය වෙන් කර ගන්නා ආකාරයක් ගැන තමන්ද නොදන්නා බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)