April 19, 2024

චතුර සේනාරත්න යුග දිවියට (VIDEO)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අද දින යුග දිවියට පිවිසුනා.

ඔහු අතිනත ගත්තේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟිනි.

කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම විවාහ උත්සවය සිදු වූ අතර විවාහ උත්සවයට දේශපාලන හිතවතුන් කලා කරුවන් රැසක් සහභාගී වුනා.

මේ අතර චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහ උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයද මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ අනුව එම ආරාධනා පත්‍රය වීදුරු වලින් පොතක ආකාරයට නිර්මාණය කර ඇති අතර එහි අලංකාරය වැඩි කිරීම සඳහා සුදු සහ රෝස පැහැයෙන් යුතු ස්වාභාවික රෝස පෙති යොදා ගෙන තිබෙනවා.

එසේම එම ආරාධනා පත්‍රයට චතුර සහ සරූපා ගේ මුල් අකුරු සඳහන් කළ අශෝක ස්ථම්භයෙහි කුඩා අනුරුවක් සහිත කොටසක්ද එකතු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)