April 23, 2024

තනි කකුලකින් වොලිබෝල් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් (VIDEO)

රිය අනතුරකින් සිය පාදය අහිමි වුවද ජීවිතය පරාජය නොවන දිරිය තරුණියකු පිළිබඳ පුවතක් දඹුල්ල පහලවැව ගම්මානෙන් වාර්තා වෙයි.

ඔහු නමින් එම් .ජී . චන්දන කුමාර කරුණාදාස එක්දරු පියෙකි. කුඩා කාලයේ සිටම  ක්‍රිඩාවට අති දස්කම් පෑ චන්දන දඹුල්ල ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ දිදුලන තරුවක් ලෙස  ක්‍රිඩා කළේය.

පසුව විවාහ වීමෙන් පසු චන්දන පෞද්ගලික ආයතනයක රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී හදිසියේ සිදු වූ රිය අනතුරකට ලක්ව ඔහුගේ පාදය ඉවත් කිරීමට සිදුවී තිබේ. එහෙත් චන්දන  ක්‍රිඩාවට සමු   නොදී තවමත්   ගම්මානේ ක්‍රිකට් සෙල්ලම් කිරීම අමතරව පස්වරු කාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ නිරතවන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

තරුණයන් දෙපාවලින් එහෙ මෙහෙ දුව පැන වොලිබෝල් ක්‍රීඩා කරද්දී   ඒ අයට සමානවම තනි කකුලකින් චන්දන මහතා වොලිබෝල් ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

චන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින්    ත්‍රීරෝද රථයක් පදවමින්  සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.

කොපමණ ආර්ථික දුෂ්කරතා තිබුණද ඔහු සිය බිරිඳ සහ දියණිය සමඟ සතුටෙන් ජීවත් වන බව සඳහන් කළේය. කෙසේ වෙතත් තවමත් චන්දන ට අංගසම්පූර්ණ නිවසක් නැතත් කුඩාවට කාමරයක් සාදාගෙන බිරිඳ සමඟ එහි වාසය කරනු ලබයි.

දෙපා ඇති බොහෝ දෙනා  දෙපා නැති අය මෙන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙද්දී එක් පාදයක් අහිමි චන්දන එහි අඩුපාඩුව මකා ලමින් එක කකුලකින්  සිදුකරන ක්‍රියාකාරකම් අගය කළ යුතුව තිබේ.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 August 2018 17:23