April 20, 2024

උතුරේ ගොන් කරත්ත තරඟයක් (PHOTOS)

උතුරේ සියළුම දිස්ත්‍රික්කවල කරත්ත කරුවන් එකතු කොට සාම්ප්‍රදායික ගොන් කරත්ත ධාවන තරගයක් 19 දා කිළිනොච්චිය පූනකරී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මේ තරගාවලිය සදහා කරත්ත කරුවන් 78 දෙනෙකු සහභාගී වූ අතර පූනකරී ක්‍රීඩා සමාජය විසින් එය සංවිධානය කොට තිබුණි.

ගොන් කරත්ත තරග පැවැත්වීම උතුරේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන අතර එම ක්‍රීඩාව පවත්වනු ලබන්නේ මාස් කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට පෙරය.

මේ තරගයට පැමිණි කරත්ත කරුවන් කියා සිටියේ උතුරු පළාතේ ගොන් කරත්ත බදින පිරිස අඩුවීමත් සමගම මේ සාම්ප්‍රදායික ක්‍රීඩාවද අභාවයට යමින් පවතින බවයි.

අනාගත දරු පරපුරට ගොන් කරත්තයක් දැක බලා ගැනීමට නොහැකි වන තරමට උතුරු පළාතෙන් ගොන් කරත්ත   ඉවත්වෙමින් පවතින බවද උතුරේ කරත්ත  හිමියෝ කියා සිටියහ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)