April 25, 2024

ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසාව නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලයේදී නිපදවයි (PHOTOS)

නුවරඑලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මණ්ඩලය එක්ව ලෝකයේ ලොකුම ඩෙස්ට් පිසාව නිපදවා එය පිලිගැන්වීම පසුගියදා 17 එම හොටලයේදි සිදු කලා.

මෙම ස්ට්‍රෝබෙරි පීසාව සදහා ස්ට්‍රෝබෙරි කිලෝ 200 උපයෝගි කරගෙන තිබු අතර එම ඩෙසට් පීසාව නිපදවීම සදහා උපයෝගි කරගත් අනෙකුත් අමුද‍්‍රවය සමග පීසාවේ මුලූ බර කිලෝ 1400 යුක්ත වේ.

මෙම ස්ට්‍රෝබෙරි පීසාව හයදහසකට අනුභව කල හැකි බව මෙම පීසාව නිපද වු සූපවේදින් කියා සිටියි.

පීසාවේ විෂ්කම්භය අඩි 25 හා උස අගල් 6 යුක්ත වේ. නුවර එලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදින් වන ප‍්‍රියන්ත වීරසිංහ සහ විරාජ් ජයරත්න යන මහත්වරුන් සහ සේවකයන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිර්මානය කරනලද මෙම ස්ට්‍රෝබෙරි පීසාවේ මුලූ බර කිලෝ 1400කි.

මෙම පීසාව එලිදැක්වීමේ අවස්ථාවට සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක නුවර එලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාලාල් මහතාද සහභාගි විය.

නුවර එලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ සාමාන්‍යධිකාරී රිසාන් රසීම් මහතගේ උපදෙස් පරිදි මෙම පීසාව නිර්මාණය කර ඇත.

ශ‍්‍රි ලංකාවේ නුවර එලියේ පමණක් වැවෙන ස්ට්‍රෝබෙරි වගාව ලොව පුරා ප‍්‍රචලිත කිරිමේ අරමුණෙන් හා නුවර එලිය ප‍්‍රදේශයේ ස්ට්‍රෝබෙරි වගා කරුවන් දිරි ගැන්වීමට මෙම පීසාව නිර්මාණය කිරීම තුලින් අවස්ථාව ලැබෙන බව නුවර එලිය මහ නගර සභාවේ පුරපති චන්දන ලාල් කරුණරත්න මහතා කියා සිටියේය.

මෙම ස්ට්‍රෝබෙරි පීසාවා අද සිට පුර දින 10 දහයක් එම හෝටලයේ ප‍්‍රදර්ශනය කිරිමට කටයුතු කර ඇත. මෙම හෝටලය මගින් මීට ප‍්‍රථම අර්තාපල් වලින් නිශ්පාදනය කරල ලද ලෝකේ ලොකුම කේක් ගෙඩියද නිර්මාණය කර එලි දක්වා ඇත.

Rate this item
(0 votes)