April 20, 2024

ව්‍යායාමයක් සහිතව ආදායමක් උපයන්න කුරුම්බැට්ටියා (VIDEO)

අබාධිත සොල්දාදුවන් සඳහා නවීන තාක්ෂණයෙන් යුත් කෘතීම පාද නිෂ්පාදන සමාගමක් වන ආවස් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්‍රධානි අරුණ සමරවික්‍රම මහතා සමාජ සේවා කටයුතුවලට නමක් දිනාගෙන සිටින අයෙකි.

නව නිපැයුම්කරුවකු වන ඒ මහතාගේ නවතම නිර්මාණය පසුගිය දිනක එළිදක්වා තිබෙනවා. "කුරුම්බැට්ටියා" නමින් හඳුන්වන මෙම බහු කාර්ය පාපැදිය බඩු බාහිර රැගෙන යාමට බක්කියක්ද සහිතව නිර්මාණය කර අත.

ශරීරයට ව්‍යායාමයක් මෙන්ම අමතර ආදායමක් උපයාගත හැකි මෙම පාපැදිය ස්වයං රැකියාවල නිරත වන්නන්ට මහත් උදව්වක් වනු ඇත.

සමරවික්‍රම මහතා පැහැදිලි කරන පරිදි බහු ක්‍රියාකාරී පාපැදියේ පහසුකම් මෙසේය.

1.කිලෝ ග‍්‍රෑම් 350 - 400 පමණ බර පහසුවෙන් ධාවනය කළ හැකි වීම

2.ජියර් පද්ධතියක් යොදා තිබීම හේතුවෙන් කඳු පල්ලම් සහිත ප‍්‍රදේශ වල පහසුවෙන් පැද යා හැකි වීම

3.48‹36‹12 ප‍්‍රමාණයේ විශාල බක්කිය සහිත වීම

4.බක්කියේ පිටුපස දොර විවෘත කළ හැකි වීම බඩු බෑමේදී හා පිටවීමේදී ඇති වන පහසුව

5.බක්කිය එසවීමට හැකි වීම තුළින් බෑමේදී ඇති වන විශේෂ වාසිය

6.ෂොක් ඇබීසොබර් පද්ධතියක් යොදා ඇති බැවින් එසවීමේදී ලැබෙන විශේෂ වාසිය

7.මධ්‍යගත ලයිනර් පද්ධතියකින් යුතු තිරිංග පද්ධතියක් යොදා තිබීම

8.අමතර කොටස් සාමාන්‍ය වෙළඳ පොළවල් වලින් සපයා ගත හැකි වීම

9.නොදිරන (GI) යකඩ භාවිතයෙන් ආකෘතිය නිමවා තිබීම හේතුවෙන් කල් පැවැත්ම වැඩි

 කුරුම්බැට්ටියා මගින් සලසා ගත හැකි තවත් සේවාවන් කිහිපයක්  ඒ මහතා මෙසේ සඳහන් කර ඇත.

1.ට‍්‍රැක්ටර් හා ට‍්‍රක් රථ යා නොහැකි මාර්ග වල යා හැකි වීම

2.එදිනෙදා ගෙදරට අවශ්‍යය බඩු බාහිරාදිය ගෙනඑම සඳහා භාවිතා කළ හැකි වීම

3.එළවළු, පළතුරු ප‍්‍රවාහනය සඳහා යොදාගත හැකි වීම

4.දෛනිකව පලා, එළවළු විකුණන අය සඳහා යොදාගත හැකි වීම

5.මාළු විකුණන්නන් සඳහා යොදාගත හැකි වීම

6.උද්‍යාන තුළ ඇති ප‍්‍රවාහනය සඳහා යොදාගත හැකි වීම

7.පාසල් තුළ එක්රැුස් වන කුණු කසල එකතු කිරීම සඳහා යොදාගත හැකි වීම

8.කුඩා ට‍්‍රක් රථ වෙනුවට කෙටි දුර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගත හැකි වීම

9.රජයේ රෝහල් හා වෙනත් ආයතන වල අභ්‍යන්තර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගත හැකි වීම

10.පළාත් පාළන ආයතන තුළ එක්රැුස් වන කුණු කසල ප‍්‍රවාහනය සඳහා යොදාගත හැකි වීම

11.අධික ස්ථුලතාවයෙන් මිදීම උදෙසා ව්‍යායාමයක් වශයෙන් ද ආදායමක් උපයාගත හැකි වීම

එහි වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 17 August 2018 14:05