April 20, 2024

පැටවුන්ට රැකවරණය දෙන අලි අම්මලා

සත්ව ලෝකයේදී බොහොමයක් සතුන් තම පටවුන්හට ආදරය සෙනෙහස දක්වන අකාරය අප දැක තිබේ ඒ අතර තම පැටවුන් හට එලෙස ආදරය රැකවරණය ලබාදෙන  වන අලියාද සුවිශේෂී සත්වයෙකි.

පැටවුන්ගේ ආරක්ෂාව සම්න්බන්දයෙන් වඩා සැලකිලිමත් වෙමින් අනෙකුත් කරදර උපද්‍රව තුලින් පැටවුන් රක ගැනීමට ඇතින්නක කටයුතු කරන්නේ දිවි පරදුවට තබාය ඒ වැනි අවසථා වනය තුලදී පමණක් නොව බාහිර පරිශ්‍රය තුලදීද දක්නට ලැබෙන දෙයකි.

ඒ වැනි අපුරු සිද්දියක් පසුගිය දිනයක යාල ජාතික වනොද්‍යානයේදී දැක ගන්නට ලබුනි. යාල සෆාරි අවසන් කර යලි එමින් තිබු ජීප් රථ අතරට කොටිගල ප්‍රදේශයේදී පාර හරහා මාරුවීමට  පැමිණි වන අලි රංචුවක සිටි ඇතින්න තම පැටවුන්හට රැකවරණය ලබා දෙමින් ජීප් රථ සදහා මග අහුරමින් පැටවුන් පාර මාරු වී වනයට යන තෙක් ඔවුන්ට රැකවරණය ලබා දෙන ආකාරය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්දියක් විය .විනාඩි 30 කට අදික කාලයක් මේ සදහා ගත වුවත් එය  සංචාරකටින්ගේ මන දොළ පිනවන කාරණයක් විය.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)

Rate this item
(0 votes)