April 25, 2024

බස් රථයක රෝදයක් ගැලවී විසි වෙයි

මගීන් පුරවා ගත් ඉංගිරිය සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනා ගමනා මණ්ඩලයේ බස් රථයක ඉදිරිපස රෝදයක් මීගොඩ උඩගෙවත්ත ප‍්‍රදේශයේදී එක්වරම ගැල වී ඉවතට යාමෙන් පසුගියදා (13) උදෑසන අනතුරක් සිදු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

බස් රථයෙන් ගැලවුණු රෝදය මාර්ගයේ දකුණු පැත්තට විසිවී ගොස් අසල පෞද්ගලික ආයතනයක ගේට්ටුවේ වැදී නතර වී ඇතැයිද එම අනතුරින් ගේට්ටුව ගැල වී විසි වී තිබූ බවත් සඳහන් කළ පොලීසිය සිදු වී මෙන් කිසිවකුට හානියක් සිදු වී නැතැයිද සඳහන් කළේය.

අනතුරට ලක් වූ බස් රථය හෝමාගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එය ඉංගිරිය නගරයෙන් අලුයම 6 ට පමණ පිටකොටුව දක්වා යාමට ගමන් අරඹා ඇති බවත් මීගොඩ වටරැක ප‍්‍රදේශයේදී බස් රථයේ රියදුරුට යම් වෙනසක් දැනී බස් රථයේ ගැටළුවක් පවතින බව කොන්දොස්තරවරයා මාර්ගයෙන් හෝමාගම ඩිපෝවට දැනුම් දී සෙමෙන් ධාවනය කිරීම නිසා සිදු වීමට තිබූ විශාල අනතුරක් වැළකී ඇති බවද පොලිසිය පවසයි.

Rate this item
(0 votes)