April 25, 2024

චිරං ජීව මහා ථේර

පින්බර ඇසල මාසය ලෝ වාසි බෞද්ධයින්ට උතුම් මැ මාසයකි . සම්බුදු රජාණන්වහන්සේ තමන් අවබෝධකරගත් ශ්‍රී සද්ධර්මය පස්වග තවුසන් ඇතුළු  දෙව් බභුන් වෙත දේශනා කරණ ලදදේ ඇසල මාසය තුලය ,මිට සැටපන් වසරකට පෙර ඇසල මස තුලදී වස්කදුවේ විසූ බෞද්ධ  ශික්ෂණයෙන් ජීවිතය හැඩගසා ගත් දම්පතින් යුවලක් වූ එම් එස් කරුණාතිලක සහ කේ සී සිල්වා මාතාවන් ගේ නිවස තුල ද එවන් සුපින්බර සිදුවීමක් සිදුවිය.

මේ සුජිත්වත් යුවලට දාව වර්ෂ 1953 ජූලි 21 වැනිදා විශ්ව කීර්තිධර මහා බල සාහිත පින්වත් පුතුන් කෙනෙකුන් උපන්නහ. 

ඔහුට සරත් සමයේ සෞම්‍ය චන්ද්‍ර ශෝභාව යන අරුතින් සරත් චන්ද්‍රසිරි යැයි නම් තැබුවේ ගමේ පන්සලේ වැඩ විසූ නාහිමියන්ය. නම් තැබූ අවස්ථාවේ ඒ නාහිමියන් මව් පිය දෙපලට පවසා සිටියේ “ මේ දරුවා ගිහියෙක් වුනත් පැවිද්දෙක් වුණත් හඳේ හාවා වගේ අනාගතයේ නම බබළනවා යන්නයි”.

එතැන් පටන් සරත් චන්ද්‍රසිරි කුල දරුවා බෞද්ධ ශික්ෂණයක් ඇතිව හැදී වැදුනත් පවුලේ බඩපිස්සා වෙමින් සියල්ලන්ගෙම ආදරය ලබමින්ය.

මෙහිදී තවත් සුවිශේෂී කාරණයක් සඳහන් කල යුතුය. එනම් අප  ස්වාමීන්වහන්සේගේ  මව් පාර්ශවයෙන් ලොව සුපතල අග්‍රගණ්‍ය ශ්‍රෙෂ්ඨ පඬිවරයෙකු යතිවරයෙකු වූ රාජගුරු ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පරපුරේ කිට්ටුම ලේ ඥාති කමක් පැවතීමයි. ඒ අනුව රාජගුරු ශ්‍රී සුභූති මහ ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ලේ උරුමකමක් ඇති වර්තමානයේ වැඩ වසන එකම සංඝ පිතෘ වරයාණන් වහන්සේ වන්නේද අති පුජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මහා නාහිමිපාණන් වහන්සේය.

මහින්ද වංශ මහා නාහිමිපාණන් වහන්සේ පැවදී දිවියට ඇතුළත් වන්නේ දෙමාපිය යුවලගේ ඒකමතික ආශීර්වාදයෙන්ය. ඒ 1965 පොසොන් මස 10 වෙනිදා වස්කඩුවේ ශ්‍රී සුභූති අභීනවාරාම මහ වෙහෙරේ එවකට විහාරාධිපතිත්වය ඉසිලු අති පුජ්‍ය වස්කඩුවේ සීලවංශ නාහිමියන්ගේ ආචාරත්වයෙන්  සහ පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකාර පිරිවෙනේ රාජකීය පණ්ඩිත දේවානන්ද අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් “ වස්කඩුවේ මහින්දවංශ” යන නාමයෙන් පාවාදී බිමට පිවිසෙන්නේ නිශ්සරනාධ්‍යශයෙන් සකල ලෝක වැසියන්ට මහත් මෙහෙවරක් කරනු අධිෂ්ඨානයෙන්ය.

කසාවත පෙරවීමෙන් පසුව උන්වහන්සේ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ වැඩ වාසය කරමින් මූලික අධ්‍යාපනය ඇරඹීය. ඉනික්බිති වැඩිදුර අධ්‍යාපනය සඳහා පානදුර පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙන් විද්‍යාතනයට ඇතුළත්ව පාලි සංස්කෘත, ප්‍රාචීන ආර්ය භාෂාවන් මෙන්ම භික්ෂුවකට අවශ්‍ය ප්‍රාරම්භ , මධ්‍ය සහ අවසාන වශයෙන් 1974 වසරේ මූලික අධ්‍යාපන කටයුතු නිම කළේය.

1974 පොසොන් 10 වන දින උපසම්පදා පුජාවටවස්කඩුවේ මහින්දවංශ හිමියන් ඇතුළත් වන අතර එතැන් දී උන්වහන්සේ අධිෂ්ඨානය කොට ගන්නේ “ හැම විටම කිසියම් වගකීමක් දරන්නට පෙර තමන් ඒ සඳහා සුදුස්සෙකු විය යුතුය. යන්නයි. ඒ අනුව යමින් අනුරාධපුර ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. ඉනික්බිති තව දුරටත් අධ්‍යාපනයේ නියැලෙමින් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් (B.A) එම සරසවියෙන්ම ශාස්ත්‍රපති (M. A) උපාධියත් ලබා ගත්හ.

මේ වන විට උන්වහන්සේ ගරු බුහුමන් සම්මාන ප්‍රධානයන් ලබමින් වැඩ වාසය කරන්න තිබුනත් එවන් ගරු බුහුමන් සම්මාන ප්‍රධානයන්ගෙන් ලැබෙන සිය නාමය ඉදිරියේ දිස්වන්නට තහඩු එල්ලා නොගනිමින් ජනතාව වෙත සේවය කිරීමට ගම් පියසේ ආර්ථීක දරිද්‍රතාවයෙන්පෙළුනූ ජනතාවගේ  සමාජ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහාත් සාම විනිසුරු පදවියත් පමණක් දරමින් සිටියි.

එමෙන්ම 1993 වසරේදී සුපතල රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ අධිපතිත්වය මහින්දවංශය හිමියන්ට පැවරිණ. එපමණක් නොව පානදුරේ පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවනේ ආචාර්යත්වයෙන් 1982 සිට 1991 දක්වා හික්කඩුවේ තලාගස්දෙනිය ශ්‍රී සෝරත පිරිවෙනේ ඉගෙනුම් කටයුතු සිදු කල අතර උන්වහන්සේ ඉන් ඉවත් වූයේ සිය ආචාර්යෝත්තම වස්කඩුවේ ශීලවංශ නාහිමියන් බලවත්ව රෝගාතුරු වූ නිසාමය.

එසේ වූවත් 1992 වසරේදී රාජ්‍ය සේවයට එක් වෙමින් මහින්දවංශ හිමියන් කළුතර ශාන්ත ජෝන් විද්‍යාලය පොතුපිටිය මහා විද්‍යාලය ආදියෙහි සේවය කිරීමෙන් අනතුරුව වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විද්‍යාලයට පත්වන්නේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ය.

ශාස්ත්‍රපති පුජ්‍ය පණ්ඩිත වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ගේ ශාසනීක මෙහෙයන් අතර ලාංකීය සැදැහැවතුන් බෞද්ධ පින්වතුන්ගේ නමස්කාරයටත් ගෞරවාදරයටත් පාත්‍ර කරමින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන්ගේ නමස්කාරයට පාත්‍ර කරවමින් ශ්‍රී ලාංකීය භුමිය පුරාම වැඩම වීමෙන් බෞද්ධාගම බැතිසිතින් නමස්කාර කරවීමට සැලැස්වීමයි. එහිදී මහින්දවංශ නාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වන ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේ විසින් නිසැක සර්වඥ ධාතුන් වහන්සේලා එවකට වස්කඩුවේ අභීනවාරාමය නමින්ද වර්තමානයේ රාජගුරු ශ්‍රී සුභූති විහාරය භුමියේ සියම් මහ රජතුමාගේ ආධාර ඇතිව ඉදි කරන ලද ධාතු මන්දීරයේ වැඩ සිටීමට සැලැස්වීම නිසාමය.

මෙම නිසැක සර්වඤ ධාතුන් වහන්සේලා කිහිප නමක් සිතුල්පව්ව නැව සෑය කළුතර  ඓතිහාසික බෝධීන් වහන්සේ අසද වටදා සෑය කොටහේනේ දීපදුක්කාරාමය,  තායි රජමහා විහාරයේ රත්න චෛත්‍ය යන ථුපයන්හී නිදන් කොට තිබෙන නමුත් කවර කෙනෙකුට හෝ දෑසින් දැක පින් සිත් උපදවා ගත හැකි වන්නේ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ දී පමණක් බවත් කිව යුතුය.

එලෙස බුදුන් වහන්සේ ගේ නිසැක ශ්‍රී සර්වඥය ධාතූන් වහන්සේ වන්දනා මාන කරගැනීමට මෙරට සහ ලෝ වැසි බෞද්ධයන්ට මග හසර විවර කරණ අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනොදය සංඝ සභාවේ මහා නායක  වස්කඩුවේ මහින්දවස මහානාහිමි ට  සකල බෞද්ධයන් ගේ චිරං ජිවන ආශිර්වාදය හිමි විය යුතුය

අංගුත්තර නිකායේ සොගෙන්ති සුත්‍රයේ සඳහන් වන මේ යථෝක්ත පාඨය 65 වන විය සපුරන ශාස්ත්‍රපති පුජ්‍ය පණ්ඩිත වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ට මනාව ගැළපෙන බව කිව යුතුය. එය නම් “ යම් භික්ෂුවක් විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මාත්‍රධර්ම ප්‍රතිපන්න ගුණයන්ගෙන් යුක්ත වේද උන්වහන්සේ සම්බුදු සසුන බබලවති.”

චිරං ජීව මහාථේර සුඛි දීඝායුඛෝ භව

සබ්බ් ලෝක හිතත්ථාය භ්වස්සු අජරා මරෝ

Rate this item
(0 votes)