August 14, 2018

හිතක් පපුවක් නැති අයෙක් දිනක් වයසැති බිළිදියකට කළ අහස පොලොව නුහුලන අපරාධය (PHOTOS)

 ඉපදී  පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක්  දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන දඹුල්ල මූලික රෝහලට භාර දී තිබේ.

 25 දින අලුයම 4.30 ට පමණ දඹුල්ල මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු ස්ථානයක මාර්ගය අයිනේ කුඩා වන ලැහැබක මෙම බිළීදිය දමාගොස්  සිටියදී සොයාගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

මෙම කුඩා දියණිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ  ප්‍රතිකාර ලබන අතර එහි   ප්‍රධාන හෙද සොයුරිය කියා සිටියේ දරුවා ඉපදී පැය කිහිපයකට පමණ වයසක  පසුවූ  බවය. එමෙන්ම ඉතාමත් හොඳ නිරෝගී තත්ත්වයෙන් මෙම දියණිය පසුවන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ මෙම දරුවා මුලින්ම දුටු පිරිස කියා සිටියේ ළුයම 4.30 ට පමණ ප්‍රධාන    මාර්ගයෙන් ගමන් කරමින් තිබු ලොරි රථයක්  ආපදාවකට ලක්ව ඔහු එම ලොරි රථය පරීක්ෂාකරන කිරීම සඳහා රථ යෙන්  බැස සිටියදී කුඩා දරුවෙකුගේ කෙඳිරි ගාන හඬක් ඇසී කුඩා දියණිය දැක   දුරින් පිහිටි තම  නිවෙස්වලට කතා කොට මේ බව දැනුම් දුන් බවය. පසුව අසල්වැසි කිහිපදෙනෙකු සමග අළුයම එම ස්ථානයට පැමිණෙන විට රෙදි කැබැල්ලක් හෝ නොමැතිව මෙම වන ලැහැබ මත කුඩා දරුවා දුටුබවය

කුහුඹුවන් සහ කඩියන් එමින් සිටි නිසා ඔවුන් නිවෙස් වලට නැවත ගොස් ලිප පත්තු කරන අළු ගෙනැවිත් දරුවා වටේට දමා බල්ලන්ගෙන් සහ සතුන්ගෙන් ආරක්ෂා කරමින් සිටියදී පොලිසියට දැනුම් දුන් බව ද ඔවුහු පවසති. පසුව පොලිසිය පැමිණ මෙම දරුවා රෝහලට රැගෙන ගිය බවද සඳහන් කළහ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ  මෙම   දරුවා කාගේ කවුරුන්ද යන්න මේ වන විට සොයා පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව .පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව්. කෝදාගොඩ මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)