March 29, 2024

(EXCLUSIVE VIDEO) දුර්ලභ ආබාධිත තත්ත්වයකින් පෙළෙමින් සිටි අලි පැටවෙකු මත්තලදී හමුවෙයි

උපතින් ආබාධිත තත්වයේ සිටි වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහල  මත්තල ප්‍රදේශයේදී  ඊයේ (22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට  හමු වී තිබෙනවා .

මේ දිනවල හම්බන්තොට සූරියවැව හා ඒ අවට ප්‍රදේශයන් තුල දියත් කරමින් සිටින අලි මෙහෙයුමක නිරත සිටින වන ජීවී නිලධාරින් කණ්ඩායමක් පහල මත්තල ප්‍රදේශයේ සිදුකල නිරික්ෂනයකදී  මෙම වන අලි පැටවා හමු වූ බවයි වනජීවී නිලධාරින් පවසා සිටියේය .

පසුව මෙම අලි පැටවා සම්බන්ධයෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍යවරුන් දැනුවත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සදහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ප්‍රතිකාර කරන බව කල විමසීමකදී වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මේ අකාරයෙන් ආබාධිත තත්වයේ සිටි ලංකාව තුලදී හමුවීම ඉතා දුර්ලබ දෙයක් බවයි වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.

එමෙන්ම මිට පෙර උඩවලව ඇත් අතුරු සෙවනේ ඉතිහාසය තුල අනුරාධපුර ප්‍රදේශයෙන්, අම්පාර ප්‍රදේශයෙන් මෙවැනි ආබාධිත වයස මසක පමණ  අලිපැටවූ දෙදෙනෙකු හමුවී උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනනවිත් තිබෙන බවත් නමුත් ප්‍රතිකාර කරන අතරතුර ටික දිනකින් එම අලිපැටවුන් මියගොස් තිබෙන බවද පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කියා සිටියේය .

කිරි පෙවූ හැටි ප්‍රශ්නයක් .

මේ වගේ සමහ සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද  තියෙනවා. නැත්නම් මිය යනවා.  නමුත් අවුරුද්දක පමණ කාලයක්  පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තියෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිවුවේ කොහොමද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන්ම අලි පැටවා කිරි බිව්ව නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නෙත් නැති බවයි වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.

''අලි පැටවා අපිට හමුවෙනකොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ඇගේ ආසාදිත තුවාල තිබුනා. ඒවාට මුලින්ම ප්‍රතිකාර කරලා මේ ආබාධිත තත්වය සුව කරන්න පුලුවන්ද කියලා උත්සහ කරන බවත් ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරන බවද වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා කියා සිටියේය.”

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)

එම ඒෂියන් මිරර් සුවිශේෂී වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 July 2018 11:33