ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාර ඒකකයේ (ක්‍රිකට් ඒ. ඩී) මෙහෙයවීමෙන් මහරගම අපේක්ෂා රෝහලට රුපියල් ලක්ෂ දහයක් වටිනා ඖෂධ ප්‍රදානයක් පෙරේදා (17) එම රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ සත්කාර ඒකකයේ ප්‍රධානී උපාලි සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්ද, මෙම දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, රංගන හේරත්, දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන්ද සහභාගී වූහ.
සමාජ සත්කාරයක් වශයෙන් ජාතික ආපදා අවස්ථාවලදී පිහිටවීම සඳහා 2004 වර්ෂයේදී ආරම්භ කළ මෙම ඒ වැඩසටහන මගින්, සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක්ම සිදු කර තිබේ. මේවා අතර, සුනාමි ව්‍යසනය, ගංවතුර ආපදා, මීතොටමුල්ල කුණු කන්ද නාය යැම වැනි ආපදා රාශියකට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජ සත්කාර ඒකකය ආධාර සපයා තිබේ.