උමඟ තුළ සිර වී සිටි දරුවන් 12 දෙනා බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් විසින් මිට සතියකට විතර කලින් හොයා ගන්න කොට ඔවුන් භාවනා කර කර ඉඳලා තියෙනවා.
දරුවන් පළමු වරට සොයා ගන්නා අවස්ථාවේ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසු සිරවී සිටින දරුවෙකුගේ මවක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය. “බලන්න ඔවුන් කොච්චර සන්සුන්ව සිටියාද කියා, කිසිකෙනෙක් අඩා වැලපුනේ නැහැ, ඒක හරිම පුදුම දෙයක්.”
දරුවන් සමඟ එම සංචාරය මෙහෙයවූ පාපන්දු පුහුණුකරු වන 25 වියැති Ekapol Chanthawong මහතා මීට පෙර සසුන්ගතව වසර 10ක පමණ පැවිදි දිවියේ අත්දැකීම් ඇති පුද්ගලයෙකි.
උමඟ තුළ සිරව සිටි වයස 11ත් 16ත් අතර දරුවන්ට ඔහු විසින් භාවනා කිරීමට යොමු කර ඇත.
සති දෙකක් පුරාවට දරුවන් සන්සුන්ව හා ඔවුන්ගේ ශක්තිය ආරක්ෂා කර ගනිමින් සිටීමට උදව් වී ඇත.
Chanthawong මහතා වයස අවුරුදු 12දී පමණ පැවිදි වී ඇත. එතැන් සිට වසර 10ක පමණ කාලයක් මහණ දම් පිරූ ඒ මහතා සිය මිත්තණිය රැක බලා ගැනීමට පැවිදි දිවිය අතහැර ඇත.
▪️2018 ජුනි 23 වැනිදා සෙනසුරාදා
Wild Boar පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ පුහුණුකරු උතුරු තායිලන්තයේ උමං මාර්ගයක් තුළ අතුරුදහන් වීමත් සමඟ සෙවීමේ කටයුතු ආරම්භයට පත් වෙනවා.
▪️2018 ජුනි 24 වැනිදා ඉරිදා
ගලවා ගැනීමේ කණ්ඩායම් උමග ආරම්භක ස්ථානයේ සිට කි.මී. 3 ක් නැතිනම් සැතපුම් 1.9 ක දුරකින් ගමන් මළු සහ ඉටිපන්දම් කිහිපයක් සොයා ගනු ලබනවා. නමුත් ඔවුන් ඉදිරියට යාම අත්හැර දමනවා. මන්ද වර්ෂාව නිසා උමග තුළ ජල මට්ටම ඉහළ යමින් පැවතියා.
▪️2018 ජුනි 25 වැනිදා සඳුදා
තායිලන්තයේ නාවික හමුදාවට අයත් සීල් බලඇණිය ගලවා ගැනීමේ මෙහෙයුමට අනුයුක්ත කරනු ලබනවා. ඔවුන් විසින් උමං මාර්ගයේ බිත්ති වල තිබී අත් සලකුණු සොයා ගනු ලබනවා. නමුත් මෙහෙයුම් නවතා දමනවා, මන්ද ගංවතුර මට්ටම උමග තුළ ඉහළ යාම නිසායි.. ජලය ඉවතට පොම්ප කිරීම ආරම්භ කරනු ලබනවා.
▪️2018 ජුනි 26 වැනිදා අඟහරුවාදා
සියලු බලාපොරොත්තු ඉහළ දමමින් ධාරානිපාත වර්ෂාව නවතිනවා. හෙලිකොප්ටර් යොදාගෙන උමගට ඇතුළු විය හැකි තවත් මඟක් සොයා මෙහෙයුම් දියත් කරනු ලබනවා.
▪️2018 ජුනි 27 වැනිදා බදාදා
නාවික හමුදාව, පාබල හමුදාව හා ස්වේඡා සේවකයන් ඇතුළු 1000ක පිරිසක් සෙවීමේ කටයුතු ආරම්භ කරනු ලබනවා.. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ උමං ගවේෂණ විශේෂඥයන් ද මේ අවස්ථාවට සම්බන්ධ වීම සිදුවෙනවා.
▪️2018 ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා
ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුතු ජල ඉසින යන්ත්‍ර ගෙනු එනු ලබනවා. නමුත් නැවතත් නොසිතු ලෙස ඇති වු ධාරානිපාත වර්ෂාව මෙහෙයුම් පැය 4-5 ක කාලයකට අඩාල කරනු ලබනවා.
▪️2018 ජුනි 29 වැනිදා සිකුරාදා
චීනයේ ගලවා ගැනීමේ කණ්ඩායමක් මේ මෙහෙයුම් සඳහා සහභාගී වෙනවා.
▪️2018 ජුනි 30 වැනිදා සෙනසුරාදා
ඕස්ට්‍රේලියාව තමන්ගේ විශේෂඥ ගලවා ගැනීමේ නිලධාරීන් එම ස්ථානයට එවනු ලබනවා.
▪️2018 ජූලි 01 වැනිදා ඉරිදා
තායිලන්ත සීල් බලඇණියේ මඟ පෙන්වීම මත විශේෂඥ උමං නිරීක්ෂකයන් තමන්ගේ මෙහෙයුම් පුළුල් කරනවා. අවශ්‍ය උපකරණ හා මෙවලම් ගුවන් මඟින් එවනු ලබනවා.
▪️2018 ජූලි 02 වැනිදා සඳුදා
සියලු දෙනාගේ මහන්සියට කැප කිරීමට සතුටක් එක් කරමින් ද, බලාපොරොත්තු එක් කරමින් ද, බ්‍රිතාන්‍ය උමං කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් ළමුන් 12 දෙනා සහ ඔවුහුන් ගේ පුහුණුකරුවා සොයා ගනු ලබනවා. ඒ උමං මාර්ගයේ කි.මී. 4 නැතිනම් සැතපුම් 2.5 ක තරම් දුරක කොටුවී සිටියදීය.
▪️2018 ජූලි 03 වැනිදා අඟහරුවාදා
තායිලන්ත සීල් බලඇණිය විසින් දරුවන් ට අවශ්‍ය ආහාර, පිරිසුදු ජලය සහ පෝරෝනා උමග තුළට ගෙන යනු ලබනවා.
▪️2018 ජූලි 04 වැනිදා බදාදා
සියලු විශේෂඥයන් එකට එක්ව දරුවන් ආරක්ෂිතව උමග තුළින් පිටතට ගැනීමට කළ හැකි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් කරනු ලබනවා. විවිධ සැලසුම් හා ඊට අවශ්‍ය කෙරෙන පුහුණු වීම් කරනු ලබනවා.
▪️2018 ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා
ජලය පිටතට පොම්ප කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ගිය අතර උමගට පිවිසිය හැකි ස්භාවික මාර්ගයක් සෙවීම දිගටම කරන ලදී, පිටතින් දරුවන් සිටින තැනට ළඟා විය හැකිද යන්න පරික්ෂා කරන ලදී.
▪️2018 ජූලි 06 වැනිදා සිකුරාදා
මෙහෙයුමේ කනගාටු දායකම දිනය විය. සමන් කුනාන් නැමැති හිටපු නාවික සීල් සෙබළා මෙහෙයුම් කටයුතු සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වී සිටිය දී මිය යනවා. ඒ ඔහු උමග තුළ පිහිනා යන විට ඔහුගේ ඔක්සිජන් ටැංකියේ ඔක්සිජන් අවසන් වීම නිසායි.
▪️ 2018 ජූලි 07 වැනිදා සෙනසුරාදා
2 වන සතියේ දී ද මහ ධාරානිපාත වර්ෂා තායිලන්තයේ උතුරු වෙරළට දැඩි ලෙස පතිත වීමට පටන් ගත්තේ ය. ගලවා ගැනීමේ නිලධාරීන් වර්ෂාව සමඟ කරට කර සිටිමින් මෙහෙයුම් දියත් කළෝය.
▪️2018 ජූලි 08 වැනිදා ඉරිදා
උමං විශේෂඥ කිමිදුම්කරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී පැය 11ක් තුළ දී දරුවන් 04 දෙනෙකු ගලවා ගැනීමට සමත් විය. දරුවන් දැඩි ආරක්ෂාව යටතේ Chiang Rai හී රෝහලට ඇතුළත් කරන ලදී.
▪️2018 ජූලි 09 වැනිදා සඳුදා
පළමු දින මෙහෙයුම් අවසන් කළ විශේෂ කිමිදුම්කරුවන් පැය 9 කට පසුව නැවත මෙහෙයුම් දියත් කරන ලබනවා. තවත් දරුවන් 04 දෙනෙකු ගලවා ගන්න ලදී. ගලවා ගන්නා ලද දරුවන් විශේෂිත වීදුරු කුටියක් තුළ දී ඔවුන්ගේ දෙමාපියන් ට හා ඥාතීන් ට පමණක් බැලීමට අවසර දෙන ලදී.
▪️2018 ජූලි 10 වැනිදා අඟහරුවාදා
තුන්වන වරටත් ක්‍රියාත්මක වු විශේෂ කිමිදුම්කරුවන් පුහුණුකරු හා ඉතිරි දරුවන් කිහිප දෙනාත් ගලවා ගෙන පිටතට ගෙන ලදී.
2010 වසරේ චිලී රාජ්‍යයේ Copiapó පතලේ සිදුවු ගලවා ගැනීමේ මෙහෙයුමෙන් පසුව ලෝකයේ වැඩිම අවධානයක් හිමි වු ගලවා ගැනීමේ මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්වන්නේ බිලියන සංඛ්‍යාත පිරිසකගේ සිත් තුළට සැනසුම් සුසුමන් එක් කරමිනි.
මේ සඳහා ජිවිතය කැප කළ සමන් කුනාන් සහ තමන්ගේ දහඩිය මහන්සිය කැප කළ දෙස් විදෙස් සියලු දෙනාටම තායිලන්ත ජනතාවගේ හා ලෝකයේ සියලු ජනතාවගේ හදවතින් ම ගෞරවය හිමි වනවා නොඅනුමානයි.