April 20, 2024

ගොකරැල්ල බස් අනතුරට හේතුව අපූරු සිදුවීමක්

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල - දියතුරේ ප්‍රදේශයේදී පුද්ගලයින් 70 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ එක් බස් රථයකට මාර්ග බලපත්‍රය පවා නොමැති බවටයි.

වසරක කාලයක් පුරා එම බස් රථය බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

එකම හිමිකරුවෙකුට අයත් මෙම බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා නිතර නිතර මාර්ගයේදී හමුවන අවස්ථාවලදී උසුළු විසුළු කරමින් ධාවනයේ නිරත වන බව සඳහන්.

අනතුර සිදුවන විට බස් රථ දෙකම අධික වේගයෙන් පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ද රියදුරන් දෙදෙනා උසුළු විසුළු කරමින් පැමිණ ඇති බවටයි පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

Rate this item
(0 votes)