April 25, 2024

ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් තුලට උණ ගසක් පසාරු කරගෙන යයි (PHOTOS)

නෝටන්බ්‍රිජ් සිට මස්කෙලිය දක්වා ධාවනය වු අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් තුලට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු උන ගසක් පසාරු කරගෙන බස් රථය තුලට ඇතුල් වි ඇති බව  නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.

අද (09) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදිය.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පැවති දැඩි සුලං තත්ත්වයත් සමග නෝටන්බ්‍රිජ් ඇඩිස් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අභියස තිබු උන පදුරක ගසක් ප්‍රධාන මාර්ගය දෙසට නැමි ධාවනය වෙමින් තිබු බස් රථයේ නාම පුවරුව පසාරු කර රියදුරු ආසනයට ඉහලින්බස් රථයේ රියදුරු ආසනය පසුපස තිබු විදුරුවද කඩාගෙන  බස් රථයේ දකුණු පස ආසන දෙකක්ද පසාරු කරගෙන උන පදුර බස් රථය තුලට කඩාගෙන ගොස් ඇත.

උන  ගස බස් රථය බස් රථය පසාරු කරගෙන යැමත් සමග ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරා විසින් නතර කර බස් රථයේ ඉදිරියෙන් වු උන ගස කපා ඉවත් කර රියදුරා විසින් බස් රථය ආපසු අවිස්සාවේල්ල ඩිපෝව දක්වා රැගෙන ගොස් තිබේ.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයතුල රියදුරා සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති අතර, අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

උන ගස අඩි 12 පමණ බස් රථය පසාරු කරගෙන ගොස් ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)