April 19, 2024

මිනිබිරිය සමඟ පෙම්වතා එකතු වී මිත්තණියට කළ අහස පොලොව නුහුලන අපරාධය

සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ප්‍රපාතයකට විසිකළ බව කියන 17 හැවිරිදි මිණිබිරිය සහ ඇයගේ 18හැවිරිදි පෙම්වතා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ කහල්ලේ, හුංගන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර 17 හැවිරිදි මිනිබිරිය සිය මිත්තණියගේ නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර ඇය කටුගස්තොට ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරා තිබෙනවා.

එහිදී ඇය කටුගස්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතවා ඇති බව සඳහන්.

පසුගිය 24 වනදා 17 හැවිරිදි පාසල් සිසුවිය සිය පෙම්වතා නිවසට කැඳවාගෙන ඇති අතර එහිදී රාත්‍රි කාලයේ ඔහු සමඟ ගතකර පසුදින උදෑසන පෙම්වතා නිවසින් පිටවන අවස්ථාවේ මිත්තණියට හසුව තිබෙනවා.

එහිදී ඇතිවූ බහින් බස්වීමකදී ඇයට මෝල් ගසකින් පහර දී ඝාතනයකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මියගිය මිත්තණියයේ සිරුර ඇඳ යට සඟවා සිරුර වෙනත් ප්‍රදේශයට රැගෙන යාම සඳහා පෙම්වතියගේ හිතවතෙකුගේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එදින රාත්‍රියේ දෙදෙනා විසින් මිත්තණියගේ මළ සිරුර සහ ලේ තැවරුනු ඇඳුම් මෝටර් රථය තුල දමාගෙන හන්තාන, කිතුල්මුල්ල ප්‍රදේශයට ගෙන ගොස් සිරුර ප්‍රපාතයකට පෙරළා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිරුර නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේ නිවස සසල තිබූ ආරක්‍ෂිත කැමරා වලට හසු නොවන සේ කටයුතු කිරීමට මොවුන් ක්‍රියාකර ඇති අතර වාහනයේ අංක තහඩුද ගලවා දමා අතර මඟදී යළි වාහනයේ අංක තහඩු සවිකරගෙන තිබෙනවා.

සිරුර ප්‍රපාතයට දමා යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෝටර් රථයට දමාගත් ලේ තැවරුනු ඇඳුම් මහනුවර නගරයේ කානුවකට දමා ඇත බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව සඳහන්.

පෙම්වතිය සහ පෙම්වතා එදින රාත්‍රියේ මෝටර් රථය තුල ගතකර ඇති  අතර පසුදින උදෑසන නිවසට පැමිණි සැකකාර මිණිබිරිය මිත්තණිය නිවසේ නොමැතිබවට අසල්වැසියන්ට දන්වා තිබෙනවා.

අනතුරුව තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින, ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී මිණිබිරියගෙන් සහ පෙම්වතාගෙන කළ ප්‍රශ්න කිරීම හමුවේ සිදුකළ අපරාධය සම්බන්ධයෙන් සියලු තොරතුරු පවසා ඇති බව සඳහන්.

එහිදී 17 හැවිරිදි මිණිබිරිය විසින් තමන් විසින් සිය මිතත්ණිය ඝාතනය කළ බවට පොලිසියට පවසා ඇති අතර වැඩිදුරටත් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පෙම්වතා විසින් මෙම ඝාතනය කළ බවට හෙළිව තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා අත්අඩංගුවට ගැනුණු සැකකාර මිණිබිරිය සහ ඇයගේ පෙම්වතා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 July 2018 11:20