March 28, 2024

ආරක්‍ෂිත උරගයින් විශේෂයක් ඇල්ලු අයෙක්ට වැඩ වරදී (PHOTOS)

ආරක්ෂිත සත්ව කාණ්ඩයට අයත් උරග විශේෂයන් දහහතකට (17) ආසන්න සංඛ්‍යාවක් තම සන්තකයේ නීතිවිරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන සිටි පුද්ගලයෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි අරුමප්පෙරුම ආරච්චිගේ අබේරත්න නමැත්තෙකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීය වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පවසමින් හිංසාකාරී ලෙස මෙම උරග විශේෂයන් සැකකරු රඳවා තබාගෙන ඇති බවයි. එම උරග විශේෂ අතරට ලේ මාපිලා,  ඇහැටුල්ලා, මල් සරා, පිඹුරා, කට කළුවා,  නාග මාපිලා, නිදි මාපිලා යන සර්ප විශේෂ ඇතුළත්ය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහැර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 June 2018 16:07