April 25, 2024

තේ බිලා එනකොට කාර් එකට වෙච්ච දේ (PHOTOS)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේදී 20 දින අලුයම 1.00 ට පමණ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් යටකර වෙළඳසැලක ගේට්ටුවක්ද කඩා නැවතී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේ හෝටලයක තේ පානය කරමින් සිටියදී මෙම අනතුර සිදුවීම නිසා රියදුරුට හෝ  කිසිවෙකුට තුවාල සිදු වී  නැතැයි පොලිසිය කියයි.

 මෙම අනතුර නිසා මෝටර්  සුනුවිසුනු බවට පත්ව රෝද දෙක පමණක් ඉතිරි වෙන්නට සියල්ල විනාශ වී තිබීම විශේෂත්වයක් බව පොලිසිය කියයි.

බකමූණ ප්‍රදේශයේ සිට  කුරුවිට ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ විශාල කන්ටේනර් රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබියදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ගලපාඋල ප්‍රදේශයේදී මාර්ගයෙන් මෙසේ ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෝටර් රථයේ රියදුරු පොලිසියට කියා ඇත්තේ තමන් දඹුල්ලේ සිට කෑගල්ල බලා ගමන් කරමින් සිටියදී අළුයම නිදිමත නිසා හෝටලය අසල රථය  නවතා තේ පානය කිරීම සඳහා  හෝටලයට ගොස්  විනාඩි කිහිපයක් ගතවෙද්දී එකවරම විශාල ශබ්දයක් ඇසී තමන් එලියට පැමිණ බලන විට මෝටර් රථය නොමැති බවය .මීටර් කිහිපයක් දුරට ගිය මෝටර් රථයේ සුන්බුන් පමණක් දැක ගැනීමට හැකි වූ   බවය .  ඔහු ඒත් සමගම  ක්ලාන්තය හැදී  රෝහල් ගතකල බවද පොලිසිය   සඳහන් කළේය .

මෙම අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)