April 25, 2024

පෙම්වතිය සමග පෙම් සුව විදිමින් සිටියදි යතුරුපැදිය උස්සලා

යතුරුපැදියෙන් පැමිණ  එය ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට  තම පෙම්වතිය සමග  එම උද්‍යානයේ පෙම්සුව විදිමින් සිටියදි  පෙම්වතාගේ යතුරුපැදිය  සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

පෙම්වතා  මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙකි. ඔහු තමාට අයත් බජාජ් සල්පර් වර්ගයේ යතුරුපැදියෙන්  ගාල්ල ධර්මපාල උද්‍යානය අසල  පලමු ගෙට්ටුව අසල යතුරුපැදිය නතරකොට  එහි හැඩලය ලොග්කොට  තම පෙම්වතිය සමග  ධර්මපාල උද්‍යානයට ගොස් ඇත.

ධර්මපාල උද්‍යනයේ සිට  දහවල් 12.40ට පමණ ගෙදර යාම සදහා  පැමිණ බලන විට යතුරුපැදිය එහි තිබි නැත.

මෙම යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරගෙන ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. මෙම යතුරු පැදිය 2016 වර්ෂයේ දි මිලදිගෙන  ඇති බවත්  එහි වටිනාකම රුපියල් 2.65000ක් පමණ වන බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

ගාල්ල පොලිසිය පරික්ෂණ  පවත්වයි.

(ලලිත් චාමින්ද )

Rate this item
(0 votes)