April 24, 2024

කර්නල් රන්නප්‍රිය යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් සංවේදී වූ හැටි (PHOTOS)

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට යුදහමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා අඹේපුස්සට මාරුකිරීමෙන් පසුව ඔහු විශ්වමඩු පළාතෙන් පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේදී විශ්වමඩු ජනතාව එම ස්ථානයට පැමිණ හඩා වැලපෙන්නට විය.

මේ පැමිණි පිරිස අතර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසද ගම්වාසීන්ද සිටි අතර රත්නප්‍රිය මහතා විශ්වමඩු ප්‍රදේශයේ සිටි කාලයේදී පළාතේ ජනතාවට කළ සේවය නිසා ඔහු එම පළාතෙන් නික්ම යන විට ගම්වාසීහු හඩා වැළපෙන්නට වූහ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරෙන් යුද හමුදාව ඉවත් කිරීමට කතා කරණ අතර තුර  මුලතිව් විශ්වමඩු ජනතාව යුදහමුදා නිලධාරියෙකු පළාතෙන් යන විට හඩා වැළපෙන්නට වූයේ හමුදාවෙන් ලැබුණු සේවය අමතක කිරීමට නොහැකි වූ තැනය.

මුලතිව් පළාතේ යුද්ධ කළේ මේ හමුදාවමයැයි කියමින් සාමාන්‍ය ජනතාව යුදහමුදාවට චෝදනා එල්ල නොකළත් උතුරේ දේශපාලනඥයෝ එසේ කියමින් ජිනීවා දක්වාම යති.

කෙසේ වෙතත් කර්නල් රත්නප්‍රිය මහතා විශ්වමඩු ජනතාව සමුදෙද්දී මහා විලාප  කදුළු ගොඩවල් දක්නට ලැබුණි.

(දිනසේන රතුගමගේ)

Image may contain: 3 people, people smiling, people standing

Image may contain: 6 people, people smiling, people standing, flower and outdoor

Image may contain: 1 person, standing and outdoor

Rate this item
(0 votes)
Last modified on Monday, 11 June 2018 17:47