March 29, 2024

සබරගමු සරසවි සිසුවාගේ අත බද්ධ කිරීමේ සැත්කම අසාර්ථකයි (VIDEO)

රත්නපුර - පැල්මඩුල්ල - සන්නස්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පසුව දකුණු අත සිරුරෙන් වෙන්වූ සරසවි සිසුවාට කොළඹ ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්මය අසාර්ථක වී තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළේ සිරුරෙන් වෙන්වූ අතට දැඩි ලෙස හානි සිදුව තිබීම හේතුවෙන් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව සිදු කිරීමට නොහැකි වූ බවයි.

කොළඹ සිට බිබිල දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටී පෙරේදා සිදුවූ අනතුරකින් පසුවයි එම බස් රථයේ පිටුපස අසුනේ ගමන් කළ මෙම සිසුවාගේ අත ශරීරයෙන් වෙන්ව ඇත්තේ.

මොහු බස් රථයේ කවුළුවෙන් පිටතට සිටින සේ සිය දකුණු අත තබාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිසුවාගේ අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවා ද සමඟ රත්නපුර රෝහලට රැගෙන යාමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරෙනු අතර, එහිදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ මැදිහත්වීමෙන් අත බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කළා.  

මෙම අනතුරට මුහුණ පෑවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන කිතුල්ගොඩ - අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙක්.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)