April 24, 2024

යාපනයේ දේව රූපයක් මුදල් නෝට්ටුවලින් සරසයි

යාපනය නගරයට ආසන්නයේ පිහිටි ගණ දෙවි කෝවිලක ගණදෙවි රූපය මුදල් නෝට්ටු වලින් අලංකාර කොට පසුගියදා  පූජාවක් පවත්වා ඇතත් එම පූජාවට පොලීසිය හා යාපනයේ බොහෝ පිරිසක් විරෝධය පල කොට සිටිති.

මේ විරෝධය පල වී ඇත්තේ දෙවියන් පිළිබදව ඇති ප්‍රශ්නයක් මත නොව මෙම කෝවිලේ ගණදෙවි රූපය  ආරක්ෂා කොට නොමැතිව තිබියදී ඒ වටා එල්ලා තිබෙන මුදල් නෝට්ටු සියල්ලම සොරුන් විසින් පැහැරගෙන යනු ඇතැයි යන බිය මතය.

රුපියල් 50 සිට 5000 දක්වා වූ මුදල් නෝට්ටු උපයෝගී කරගෙන ඒවායින් මල්මාලා සකසා ගණදෙවි රූපය අලංකාර කොට පූජාව පවත්වා තිබේ.

යාපනය පොලීසිය කෝවිලේ බාරකරුවන්ට පවසා ඇත්තේ  ගණදෙවි රූපය ආවරණය වන පරිද්දෙන් ආරක්ෂක ක්‍රමයක් සකසා ගන්නා තුරු මේ මුදල් නෝට්ටු මල්මාලා සුරැකිව වෙනත් ස්ථානයක තබා ගන්නා ලෙසයි.

නමුත් මේ දක්වා කෝවිලේ බාරකරුවන් ඊට උනන්දු වී නොමැත.

යාපනයේ කෝවිල් වල තිබූ පිං පෙට්ටි කීපයක්ම කඩා මුදල් සොරකම් කිරීම් පිළිබදව නිතර නිතර පැමිණිලි ලැබෙමින් පවතින අතරතුර හොරුන්ට ඉතා පහසුවෙන් මුදල් පැහැරගෙන යා හැකි ක්‍රමයක් සකස් කොට ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)