April 19, 2024

කුඩා කාමරයක දිවි ගෙවන මවකගේ දුක්බර ජීවිතය (VIDEO)

මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් දියත් කර තිබේ.

දරුවකුට තමාව ලේ කිරි කර පොවා හැදූ වැඩූ තම මව, මහලු වූ කල කුටියක අතහැර දමා සිටිය නොහැකි වුවත්, එවැනි අනුවේදනීය පුවතක් ගල්කිස්ස ගල්වලපාර ප්‍රදේශයෙන් ඊයේ (22) වාර්තා විය.

එහිදී දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී තිබේ.

86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටියි.

ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයකයි.

තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය  පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි.

අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 May 2018 08:52