April 20, 2024

විදේශිය වෛද්‍යවරයාගෙන් සාමනේර හිමියන්ට සැත්කමක්

එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන රිචඩ් පර්මින්  මහතා  විසින් දහතුන් හැවිරිදියේ පසුවන  කුඩා සාමනේර භික්ෂුන් වහන්සේ නමකගේ සංකිරණ තත්වයේ පැවති හදවත් සැත්කමක් සිදුකරණු ලැබිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි මෙකි පොඩි හාමුදරුවන් හදවත් සැත්කමට භාජනය කරණු ලැබිය. පොඩි හාමුදුරුවන්ගේ හදවතේ කර්ණිකා දෙක අතර කුඩා සිදුරක්  තිබු බව හෘද හා උරස් කුහර පිළිබද විශේෂ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය පැවසුවාය.

සංකිරණ තත්වයේ හදවත් සැත්කමෙන් පසු    සාමනේර හිමියන් හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවෙති.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Friday, 18 May 2018 10:40