March 29, 2024

වන සතුන්ට දමා තිබූ විදුලි රැහැනේ පැටලුනු පියාට සහ පුතාට අත් වූ අවාසනාවන්ත ඉරණම

වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ආසන්නයේ වන සතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (16) උදෑසන හමු වූ බවට වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්.මුස්තාපා නමැති පියෙකුගේ හා වයස අවුරුදු 15 ක් වු එම්.සයාස් නමැති පුතුගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි.

සූඩවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාල විදුලි රැහැන් ඇද ඇත්තේ වන සතුන් මැරීමට වන අතර එම විදුලි රැහැන් පිළිබඳව නොදත් පියෙකු හා පුතෙකු එම ස්ථානයෙන් අද අළුයම ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම විදුලි රැහැන්වල පැටලී මෙම මරණයන් සිදුව ඇති බවට පෙරිය උළුක්කුලම් පොලීසිය සැක පල කොට සිටියේය.

කෙසේ වෙතත් අදාල විදුලි රැහැන් ඇත ඇති පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පෙරිය උළුක්කුලම් පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)