April 20, 2024

ෆ්ලෑෂ්බෑක් සංගීත ප්‍රසංගයේ වේදිකාව කඩා වැටෙයි (VIDEO)

ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා.

ඒ වේයන්ගොඩ ප්‍රදේශයේදීයි.

කොහොමවුනත් මේ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරින් සංගීත භාණ්ඩවලටද හානි සිදුව නොමැති අතර විදුලි බල්බ වලට සුළු හානි සිදුව ඇත. ප්‍රසංග වේදිකාවේ වහලයේ ආලෝක පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ නව තාක්ෂණය අනුව වහලය ඉහලට එසවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

වේයන්ගොඩ නාරන්වත්ත ප්‍රදේශයේ සියනෑ ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය මේ හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

වීඩියෝව - හිරු

Rate this item
(0 votes)